ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට චෝදනා පත්‍රයක්

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නවතම වාර්තාවකින් ශ්‍රී ලංකාවට චෝදනා රැසක් එල්ල කර තිබෙනවා.

මානව හිමිකම් උල්ලංඝනය කරන්නට ඇති නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර අවම බව වාර්තාවෙන් එල්ල කර ඇති ප්‍රධාන චෝදනාවක්.

විවිධ හේතු දක්වමින් මැතිවරණ කල් දැමීම මගින්ද මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙනවා.

මානව හිමිකම් උල්ලංඝනය කර ඇති නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් කිරීමට ශ්‍රී ලංකාව අවම පියවර ගෙන ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කාර්යාංශය විසින් 2023 වසරේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිවෙත් පිළිබඳ නිකුත් කළ වාර්තාවෙන් චෝදනා කර තිබෙනවා.

අත්තනෝමතික හෝ නීති විරෝධී ඝාතන, වධහිංසා පැමිණවීම සහ අවමන් සහගත සැළකීම, දරුණු සහ ජීවිතයට තර්ජනයක් වන සිරගෙවල්වල තත්ත්වයන් සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම වැනි මානව හිමිකම් ගැටලු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බව එම වාර්තාවේ සඳහන්.

පසුගිය වසර තුළ පොලිස් අත්අඩංගුවේ දී සිදු වූ මරණ කිහිපයක් සම්බන්ධයෙන් වාර්තා වූ බවත් එහි බොහෝ සිදුවීම් සමාන රටාවක් අනුගමනය කර ඇති බවද වාර්තාවේ දැක්වෙනවා.

මුදල් හිඟ බව පවසමින් රජය මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමූ බවද එහි සඳහන්.

එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආණ්ඩුව විවේචනය කරන්නන් අත්අඩංගුවට ගැනීමට සහ දඬුවම් කිරීමට මෙන්ම රජයේ ප්‍රතිපත්ති හෝ නිලධාරීන් විවේචනය කිරීම වැළැක්වීම සඳහා බලධාරීන් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ICCPR පනත සහ දණ්ඩ නීති සංග්‍රහය අඛණ්ඩව යොදාගෙන ඇති බවයි.

නිලධාරීන්ගේ දූෂණ සම්බන්ධයෙන් නීතියෙන් සාපරාධී දඬුවම් ලබා දී ඇති නමුත් රජය එම නීතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක නොකළ බවට චෝදනාවක්ද එල්ල කර තිබෙනවා.

රජයේ ඉහළම මට්ටම්වල සිට පවතින දූෂණය මෙන්ම අන්තර්ජාතික සමාගම් රේගු නිෂ්කාශනවල සිට රජයේ ප්‍රසම්පාදනය දක්වා වූ කරුණු සම්බන්ධයෙන් සිදුවන අල්ලස් ඉල්ලීම් නිතර වාර්තාවීම සම්බන්ධයෙන්ද වාර්තාව මගින් අවධානය යොමු කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සඳහන් කරමින් මෙම වාර්තාව පවසන්නේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයන් 25 දෙනෙකුගේ නඩු සම්බන්ධයෙන් පසුගිය වසර තුළ සුළු ප්‍රගතියක් ලබා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
20
+1
1
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?