ඇමති සුසිල්ට එරෙහිව පියවර ගන්නැයි මන්ත්‍රිනී කවිරත්න කථානායකගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තු විවාදයක් අතර අධ්‍යාපන අමාත්‍ය, සභා නායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අසභ්‍ය වචන භාවිත කරමින් තමාට අපහාස කිරීම පිළිබඳ විනය ක්‍රියාමාර්ගයක් ගන්නැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහීණී කවිරත්න මහත්මිය ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින්.

මන්ත්‍රීවරිය සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ, අදාළ ප්‍රකාශය විද්‍යුත් මාධ්‍ය හරහා සමාජගත වී ඇති බැවින් කාන්තාවක් හා මවක ලෙස තමුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

එවැනි සිදුවීම් හේතුවෙන් ජනතාව, උත්තරීතර පාර්ලිමේන්තුව සහ මන්ත්‍රීවරුන් පිළිබඳව ඇතිකර ගන්නා ආකල්ප කෙබඳුදැයි, මන්ත්‍රීවරිය, කථානායකවරයාගේ අවධානයට යොමුකර තිබෙනවා.

රෝහිණී කවිරත්න මහත්මිය, කථානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, මෙම ගැටලුව වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කර සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

Rohini Kavirathne Letter scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26