ඇමති විමල්ට බෝම්බ ගැසීමකට සූදානමක්.. 119ට ඔත්තුවක්..

අමාත්‍ය විමල් වීරවංශ මහතාට බෝම්බ ගැසීමට සූදානම්ව ඇති බව පවසමින් 119 පොලිස් හදිසි ඇමැතුම් මධ්‍යස්ථානය වෙත ලද දුරකථන පණිවුඩය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව වැල්ලවත්ත පොලිසිය කියයි.

ඉකුත් 12 වැනි දින සවස තුනට පමණ 119 පොලිස් හදිසි ඇමැතුම් මධ්‍යස්ථානයෙන් වැල්ලවත්ත පොලිසිය වෙත ලද දුරකථන පණිවුඩයක් අනුව වැල්වැටිතුරෙයි, කුරුදුකැලේ පදිංචි සුදර්ශන් නමැති පුද්ගලයා විසින් එම පණිවුඩය ලබා දුන් බවට දැනුම් දී ඇත.

වැල්ලවත්ත පොලිස් වසමේ අංක 275, ජෝසප් ස්ටැන්ලි පාර, වැල්ලවත්ත ලිපිනයේ සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාට බෝම්බයක් ගහන්න සූදානම්ව ඇති බවට සඳහන් කර එම පණිවුඩය මඟින් දැනුම්දී ඇත.

එම ලිපිනය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිස් ස්ථානය මඟින් පරීක්ෂණ පැවැත්වීමේදී වැල්ලවත්ත පොලිස් වසමේ එවැනි ලිපිනයක් නොමැති බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතාද එවැනි ප්‍රදේශයක පදිංචි නොමැති බවට වැඩිදුරටත් අනාවරණ වීමෙන් පසු 119 පොලිස් හදිසි ඇමැතුම් මධ්‍යස්ථානයට මේ බව දැනුම්දී එම තොරතුරු ලබාදුන් දුරකථන අංකය ලබා ගත් බව පොලිසිය කියයි.

එම දුරකථන අංකයට වැල්ලවත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇමැතුමක් ලබාගෙන ඒ සම්බන්ධයෙන් විමසීමේදී ඊට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයා පොලිස් නිලධාරියාට පරුෂ වචනයෙන් බැන වැදී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අනතුරුව එම දුරකථන අංකය ලියාපදිංචි වී ඇති දුරකථන සමාගමෙන් වාර්තාවක් ලබාගෙන පරීක්ෂණ පැවැත්වීමේදී සිම්පත අයිතිකරු දිවුලපතන පොලිස් වසමේ කොටගල පදිංචි පුද්ගලයකු බවට අනාවරණ වූ බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස දිවුලපතන පොලිසියෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම පුද්ගලයාගේ ජංගම දුරකථනය ජනවාරි මස 13 වැනි දින නැති වූ බවට පවසා තිබූ බව පොලිසිය කියයි.

නමුත් එම පුද්ගලයා දුරකථනය නැතිවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර නොතිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම පුද්ගලයා පොලිසියට කැඳවා වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේමාන්න මහතා පරීක්ෂණ පවත්වයි.

– mawbima

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?