spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති කෙහෙළියගේ 230,000 ක ෆෝන් බිල සම්බන්ධයෙන් නඩුවක්

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවකට අදාළව සංශෝධිත චෝදනා පත්‍රයක් අල්ලස් කොමිසම විසින් අද (09) කොළඹ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

2012 වසරේ මැයි 01 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලසීමාව තුළ ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු සිදුකළ කාලයේ සිය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු රුපියල් 230,000කට ආසන්න මුදල් ප්‍රමාණය රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

පසුගියදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම නඩුවට අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දෙන ඉල්ලා සිටි අතර නඩුව අද(09) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් එම සංශෝධිත චෝදනා පත්‍රය අධිකරණය ඉදිරිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?