ඇප මත සිටින මනූෂගේ නඩුව යළි කැඳවීමට දින නියම වෙයි

ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදු වු බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව මාර්තු 20 යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (10) නියෝග කළේය.

සිද්ධියට අදාල සැකකරු අද (10) අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළේය.

සැකකරු මේ වන විට ඇප මත මුදාහැර තිබේ.