AFC Banner
AFC Banner
Empty Ad

ඇන්ටනාවක් සවිකරන්න ගිය පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

රූපවාහිනි ඇන්ටනාවක් සවිකරමින් සිටි පුද්ගලයෙකුට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත් වූ පුවතක් මීගහකිවුල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම පුද්ගලයා අද (23) පෙරවරුවේ නිවස අසළ පිහිටි දෙල් ගසකට නැඟ ඇන්ටනාවක් සවිකරමින් සිටිය දී ඇන්ටනා බටය අධිබලැති විදුලි රැහනක පැටලී විදුලි සැර වැදී ඇති බවයි කන්දකැ‍ටිය පොලීසිය සඳහන් කළේ.

විදුලි සැර වැදුණු පුද්ගලයා මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?