ඇඟළුම් කර්මාන්තයේ ගැටලු සදහා මැදිහත් වන බවට ආංශික අධීක්‍ෂණ කාරක සභාවෙන් සහතිකයක්

ඇඟළුම් නිෂ්පාදන හා අපනයන කර්මාන්තකරුවන්ගේ ගැටලු සදහා මැදිහත් වන බවට ආංශික අධීක්‍ෂණ කාරක සභාව සහතික වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයන ඇඟළුම් නිෂ්පාදන හා අපනයන කර්මාන්තකරුවන් නියෝජනය කරන සංවිධානය වන ඒකාබද්ධ ඇඟළුම් නිෂ්පාදකයන්ගේ සංසදය පසුගියදා පැවති ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ ආංශික අධීක්‍ෂණ කාරක සභාව හමුවට කැඳවා තිබුණා.

මෙම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර මෙරට ඇගලුම් කර්මාන්තයේ ගැටලු සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

ආර්ථික අර්බුදයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත ඇඟළුම් ක්ෂේත්‍රයේ කර්මාන්තශාලා ගණනාවක් සිය කර්මාන්ත ශාලා වසා දමා විදේශයන්හි සිය කර්මාන්ත ස්ථාපිත කරමින් සිටින බව ද දැනට ක්‍රියාත්මක කර්මාන්ත ශාලා විසින් නිෂ්පාදනය කරන්නේ සමස්ත ධාරිතාවෙන් 25% කට අඩු ප්‍රමාණයක් බව ද ඇඟළුම් නිෂ්පාදකයන් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

තවද අමුද්‍රව්‍ය තීරුබදු, විදුලි ගාස්තු හේතුවෙන් පිරිවැය ඉහළ යාම හමුවේ ජාත්‍යන්තර වෙළඳපොල තුළ සිය තරඟකාරීත්වය විශාල වශයෙන් පහළ ගොස් ඇති බවත්, නව ඇණවුම් ලැබීම ඉතා බරපතල ලෙස අඩු වී ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

සෘජු රැකියා ලක්‍ෂ 3 1/2 ක් පමණ හා වක්‍ර රැකියා ලක්‍ෂ 3ක් පමණ මෙම කර්මාන්තය විසින් රටට සපයා ඇති බවයි මෙහිදී පෙන්වා දී ඇත්තේ.

මීට අමතරව බිලියන ගණනක VAT මුදල් ප්‍රතිපූර්ණ නොලැබීම නිසා තමන් මුහුණ පා ඇති දුෂ්කරතාවයන් පිළිබඳව ද ඇඟළුම් නිෂ්පාදකයන් කමිටුවට තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා.

කර්මාන්තය මුහුණ දෙමින් සිටින විදුලි බිල ඇතුලු නිෂ්පාදන පිරිවැය ඉහළ යාම, නව බදු පැනවීම, ලෝක වෙළඳපළ කඩා වැටීම, ඇනවුම් අඩුවීම් වැනි තර්ජන හමුවේ SVAT ක්‍රමය ඉවත් කිරීමෙන් ඇඟළුම් කර්මාන්තය මුළු මනින්ම කඩා වැටීමේ ඉඩකඩක් පවතින බවයි මෙහිදී පෙන්වා දෙනු ලැබුවේ.

ඒ අනුව SVAT ක්‍රමය ඉවත් කිරීමට පෙර කර්මාන්තයේ ආරක්‍ෂාවට සුදුසු ක්‍රමවේදයක් කර්මාන්තයට හඳුන්වා දීම සඳහා පෙනී සිටින බව කමිටුව සහතික වී තිබෙනවා. ස්වයංක්‍රීය VAT Refund ක්‍රමයක් ක්‍රියාත්මක වන තුරු යෙදවුම් බදු කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේදයක අවශ්‍යතාවය කමිටුව පිළිගන්නා ලද අතර ඉතා කඩිනමින් ඒ සඳහා වන නිර්දේශ ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවටත්, රජයටත් ඉදිරිපත් කිරීමට කමිටුව කටයුතු කරන බවටයි එහි සභාපති ගාමිණී වලේබොඩ මහතා සහතික වූයේ.

විදේශ විනිමය රුපියලට පරිවර්තනය කිරීමේදී පවතින ගැටලු සහ කලාපයේ පවතින නීති පිළිබඳ කරුණු සාකච්ඡා වූ අතර එහිදී කලාපයේ අනෙකුත් රටවල අපනයන ආදායම් දේශීය මුදලට පරිවර්තනය සම්බන්ධයෙන් තිබෙන නීති හා ප්‍රතිපත්ති ඇසුරින් වාර්තාවක් කමිටුව වෙත ලබා දෙන ලෙස සභාපතිවරයා දැනුම් දී තිබෙනවා.

එසේම ඉහත කී යෝජනාවලිය රජය වෙත ඉදිරිපත් කිරීම් කටයුතු වේගවත් කර ගැනීම සඳහා JAFF සංගමය විසින් ආංශික කාරක සභාව වෙත ලබා දිය යුතු ඉදිරි සහයෝගය පිළිබඳවද සාකච්ඡා වුණා. ඊට අමතරව පොදුවේ කර්මාන්තකරුවන් හා ආයෝජන මණ්ඩල ප්‍රදේශවල කර්මාන්තකරුවන් මුහුණපාන ගැටලු කෙරෙහිද අවධානය යොමු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31