ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට ජාතික ප්‍රතිපත්තියක්

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා

ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමටද බලාපොරොත්තු වන බව ජනපති පැවසීය. එමෙන්ම ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි ජනපති පැවසුවේ.

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණ කමිටු නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය තහවුරු කිරීමේ දී නිවැරදි දත්ත ලබාගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික මටිටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් තිබෙන දත්තවල විශාල වෙනස්කම් දක්නට ඇති බව සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?