spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු ශූරයින්ට මෝදිගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකාව පරාජය කරමින් 2023 ආසියානු කුසලානය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායමට ඊයේ (17) හැකියාව ලැබුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 73 වන ජන්ම දිනය යෙදී තිබූ ඊයේ (17) දිනයේ දීම ඉන්දීය කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කිරීම සුවිශේෂී සිදුවීමක්.

බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ මෙම ජයග්‍රහණය අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනයට ලැබූ විශේෂ ත්‍යාගයක් බවයි.

මෙම විශ්ෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට සුබපැතුම් එක්කරන්නට අග්‍රාමාත්‍ය මෝදි ඊයේ රාත්‍රියේම කටයුතු කර තිබූ ආකාරය දැකගත හැකි වුණා.

ඒ, ඔහුගේ නිල එක්ස් (ට්විටර්) ගිණුමට විශේෂ සටහනක් එක්කරමින්.

“ඉන්දියාව හොඳින් ක්‍රීඩා කළා, ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සුභ පැතුම්, තරගාවලිය හරහා අපේ ක්‍රීඩකයින් කැපී පෙනෙන දස්කම් දක්වා තිබෙනවා.” යනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී පවසා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?