ආසියානු කුසලානය ජය ගන්න ඉන්දීය ක්‍රීඩිකාවන්ට පහසු ඉලක්කයක්

ආසියානු කුසලාන කාන්ත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ ලකුණු 65කට සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නියන් සමත් වුණා.

ඒ, අනුව ජයග්‍රහණය සඳහා ඉන්දීය කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 තුළ හිමිව ඇති ඉලක්කය ලකුණු 66ක්.

ශ්‍රී ලංකා ඉනිමේ වැදීම් ලකුණු ලාභිණිය බවට ඉනෝකා රණවීර පත් වුණේ ලකුණු 18ක් රැස්කරමින්.

ඊට අමතරව ඕෂදී රණසිංහ ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලකුණු 13ක් රැස් කළා.

අනෙකුත් කිසිඳු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට හෝ ලකුණු 07 සීමාව පසුකර යන්නට ඉන්දීය පන්දු යවන්නියන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී රේණුකා සිං කඩුලු 03ක් බිඳ දැමූ අතර, රාජේශ්වරී ගයක්වාඩ් සහ ස්නේ රානා අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?