ආර්ථික වර්ධනය උදාකර ගැනීමට නම් ශ්‍රී ලංකාව ලෝකයට විවෘත විය යුතුයි – ජනපති

ආර්ථික වර්ධනය උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

දැඩි තරඟකාරී ආර්ථික රටාවකට ශ්‍රී ලංකාව නතු කිරිම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ හරිත හා ඩිජිටල් ආර්ථිකයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඊයේ (13) පැවති ඉන්දීය ව්‍යාපාරික හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්.

ඉන්දියානු ව්‍යාපාරික ප්‍රජාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු වූ අතර, ජනාධිපතිවරයා එම ව්‍යාපාරික ප්‍රජාව සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා.

ශ්‍රී ලංකාව ආර්ථික සමෘද්ධිය කරා යන ගමනේදී ඉන්දියාව සමඟ සමීප සබඳතා පැවැත්වීමට අපේක්ෂා කරන බවත්, ඉන්දීය ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා මෝදි අගමැතිවරයා ගෙන ගිය මූල්‍ය ප්‍රතිපත්තිය මෙරට ආර්ථිකයේ දියුණුවට පිටිවහලක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ සබඳතා ආරම්භ වුයේ මීට වසර හත්සීයකට පමණ පෙරයි. කේරළයේ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ ව්‍යාපාර කටයුතුවල නිරත වූ ඉතිහාසයක් අපට තිබෙනවා. කේරළයේ ජනතාව මෙරටට පැමිණ ව්‍යාපාර ආරම්භ කිරීමත් සමග නවගමුවේ පත්තිනි දේවාලය ආරම්භ වූ බව ද ඉතිහාසයේ සඳහන් වෙනවා.

මේ වන විට ඉන්දියාව ආසියානු කලාපයේ ප්‍රබල රටක් ලෙස බලය තහවුරු කරගෙන තිබෙනවා. නමුත් බටහිර ආසියානු රටවල් ද ප්‍රබල තත්ත්වයට පත් වී තිබීමත් විශේෂත්වයක්. ඉන්දියාව වැනි ප්‍රබල රටක් සමග ව්‍යාපාර සබඳතා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල වාසිසහගත තත්ත්වයක් නිර්මාණය කරගත හැකියි. ඉන්දියාවේ මෝදි අගමැතිවරයා ගෙන ගිය මූල්‍ය ප්‍රතිපත්තිය නිසා ඉන්දියාවට ආර්ථිකමය වශයෙන් ඉදිරියටම ඒමට හැකි වී තිබෙනවා . එම මූල්‍ය ප්‍රතිපත්ති ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි දැක්මටත් මනා පිටිවහලක් වෙනවා.

මට අවශ්‍ය වන්නේ, ශ්‍රී ලංකාව දැඩි තරගකාරී ආර්ථික රටාවකට නතු කිරීමටයි. හරිත ආර්ථිකයක් හා ඩිජිටල් ආර්ථිකයක් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ශක්තිමත් තලයකට ඔසවා තැබීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා නීතිරීති අවශ්‍යයි. තරගකාරී , හරිත, ඩිජිටල් ආර්ථිකයක් සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණය කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් ඉන්දියාව සමග සමීප සබඳතා පැවැත්විය යුතුයි. ලංකාවේ ආර්ථික අරමුණු සහ ඉලක්ක ජය ගැනීමට දෙරටේ සහයෝගීතාවය ඉතා වැදගත්. දෙරට අතර නව ගිවිසුම් ඇතිකර ගැනීමේ හැකියාව සොයා බලා අදාළ අංශ ඒ සඳහා යොමු කළ යුතුයි.

ඉන්දියාවේ රුපියල ශ්‍රී ලංකාවේ සංසරණය වීම පිළිබඳව මෙහිදී කතා වුණා. ඉන්දියාවේ රුපියල පමණක් නොවෙයි , ඩොලර් පවා සංසරණය වෙනවා නම් මෙරට ආර්ථිකයට එය ඉතාම වැදගත් වෙනවා. ඉන්දියානු රුපියල ලංකාවේ සංසරණය වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට අප ඉදිරියේ දී කටයුතු කරනවා. රටක් දියුණු වීමට නම් ලෝකයට විවෘත විය යුතුයි. ඊට අදාළ කඩිනම් නීති ප්‍රතිසංස්කරණ ගෙන එන බව මම කියන්න කැමතියි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා:

ඉන්දියාවේ ජනතාව ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ආරම්භ කර දිගු කලක් ගත වෙනවා. මෙම ව්‍යාපාර ආරම්භ කිරීම මගින් දෙරට අතර මිත්‍රත්වයේ පාලමක් ඇති කර ගැනීමට හැකිවී තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ ජනතාවට සෞභාග්‍යමත් ලෙස බලපානු ඇතැයි මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ජනතාව පීඩාවට පත්වන සෑම අවස්ථාවකදී ම ඉන්දියාව එම ජනතාවත් සමග සිටියා . පසුගිය වසරේ පැවැති මූල්‍ය අර්බුදයේ දී ඉන්දියා රජය ප්‍රමඛ ව්‍යාපාරික ප්‍රජාව ලංකාවේ ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් උදව් උපකාර ලබා දුන්නා. මේ වන විට ශ්‍රී ලංකාව මූල්‍ය අර්බුදයෙන් ගොඩ එමින් තිබෙන බව කිව යුතුයි. මූල්‍ය අර්බුදය අවස්ථාවේදීත් ඉන්දියානු ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය යහපත් බවට ලොවට පණිවිඩයක් ලබා දීමට කටයුතු කළා.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කරන ඉන්දියානු ව්‍යාපාරිකයන්ට පසුගිය වසර 40 පුරාම මෙරට පැවති රජයන්හි සහයෝගය හිමි වු සිහිපත් කළ යුතුයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඒ ආකාරයටම සහයෝගය ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මෙන්ම භෞතික වශයෙන් සංවර්ධනය කිරීමට ඉන්දියානු රජය සහ ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය ලබා දෙන බව මෙහිදී සිහිපත් කරනවා.එය ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන පොරොන්දුවක් බව කිවයුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24