spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආර්ථික අර්බුදය විසඳීමට හැකි ක්‍රමය ගැන අලි සබ්‍රි කියයි

මෙරට පවතින ආර්ථික අර්බුදය වෙනුවෙන් කෙටි කාලීන විසඳුම් නොමැති බවත්; ඒ සඳහා දිගු කාලීන ඉලක්කගත වැඩපිළිවෙලක් ඔස්සේ ඉදිරියට යායුතු බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසනවා.

විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව පැවසුවේ; ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

සුබ සාධන රාජ්‍යයක් ලෙස රට තවදුරටත් පවත්වාගෙන යාමට නම් බදු ගෙවීම් පැහැර හරින්නන් බදු දැලට කොටු කර ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මෙම වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

පසුගිය සමයේ රටේ පැවති තත්ත්වය සමග සසඳා බලන විට අද ඉතා යහපත් ප්‍රගතියක් ලබාගෙන තිබෙන බවයි විදේශ කටයුතු අමාත්‍යවරයාගේ අදහස.

පසුගිය වසරේ 70%ක් පමණ වන ලෙස පැවති උද්ධමනය මේ වන විට -2.5% දක්වා අඩු කරගැනීමට හැකියාව ලැබී ඇති බවත් සංචාරකයන්ගේ පැමිණීමෙහි 100% ක වර්ධනයක් පෙන්නුම් කරමින්; රට නිවැරදි ආර්ථික දිශානතියකට යොමු ව ඇති බවයි සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?