spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආර්ථිකය කඩා වැටුණේ ගෝඨාභය පාලන සමයේ නෙවෙයි – ආචාර්ය නාලක ගොඩහේවා

රටේ ආර්ථිකය කඩා වැටුණේ ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේ යුද්ධයෙන් පසු බලයට ආ රජයන් තුනම මෙරට ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් වගකිව යුතු බවයි.

2009 -2015 කාලය තුළ රටේ ණය බර රුපියල් බිලියන 2200 සිට බිලියන 7400 දක්වා වැඩි වූ බව කී මන්ත්‍රීවරයා ඉහළ පොලී අනුපතිකයන්ට කෙටි කාලීන වාණිජ ණය ගැනීම ආරම්භ කළේ රාජපක්ෂ ආණ්ඩුව බවයි ඔහු සඳහන් කළේ.

එම ආණ්ඩුව දිගින් දිගටම ණය ලබාගනිමින් ආදායම් නො ලැබෙන සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළ බවත්, එම යටිතල පහසුකම් සංවර්ධනය පිටුපස විශාල නාස්තියක් හා දූෂණයක් තිබූ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ඊට පසු බලයට ආ මෛත්‍රීපාල සිරිසේනගේ යහපාලන ආණ්ඩුව සමයේ දී ණය බර රුපියල් බිලියන 7400 සිට රුපියල් බිලියන 13,000 දක්වා වැඩි වූ බවයි ඔහු පවසන්නේ.

එම ආණ්ඩුවේ ද බරපතළ නාස්තිය සහ දූෂණ සිදු වූ බව නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට මහන්සි වූ කණ්ඩායම් ආර්ථික කළමණාකරන සැලැස්මක් සකසා තිබුණත්, ඔහු බලයට ආ පසු සැලැස්ම සකස් කළ පිරිස අමතක කළ බව සඳහන් කළ ඔහු 2015ට පෙර රටේ ආර්ථිකය කළමනාකරණය කළ පිරිසටම යළි ආර්ථිකය භාරදීම හේතුවෙන් අපේක්ෂිත අරමුණු ඉටු නොවූ බවයි මන්ත්‍රීවරයා පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?