ආරක්ෂක ලේකම් ගේ මාධ්‍ය සාකච්ජාවට කතෝලික සභාවෙන් පිළිතුරු

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට විමර්ශකයින් සහ නීතිපති දෙපාර්තමේන්තුව කැපවීමෙන් කටයුතු කරන්නේ නම් ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ වගඋත්තරකරුවන් කළ පුද්ගලයින් නිදොස් කොට නිදහස් වන්නේ කෙසේ දැයි කතෝලික සභාව ප්‍රශ්න කර සිටිනවා.

පාස්කු ප්‍රහාරයේ වත්මන් විමර්ශන සම්බන්ධයෙන් පසුගියදා ආරක්ෂක ලේකම්වරයා පැවැත් වු ප්‍රවෘත්ති සාකච්ඡාවකට ප්‍රතිචාර දක්වමින් සිරිල් ගාමිණි පියතුමා විසින් අද (14) අදහස් පළකර සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වු සිරිල් ගාමිණි පියතුමා,

“ආරක්ෂ ලේකම් කමල් ගුණරත්න මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියෙලා මේ අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන්න උත්සහ කළාම අපිට හිතුණා ඒ ප්‍රවෘත්ති සාක්කඡාවේ කියවුණ දේවල්වලට අපි යම් විදිහයකින් පිළිතුරක් ලබාදෙන්න අවශ්‍යයි කියලා. පළමු දේ තමයි, මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාවලින් දේශපාලන නායකයින්ව ආරක්ෂා කරන්න රාජ්‍ය සේවකයෙකු හැටියට ආරක්ෂක ලේකම්වරයාට තිබෙන සාදාචාරාත්මක අයිතිය මොකක්ද ?

පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රනයක් කියන එක පිළිබඳව නොයෙකුත් චෝදනා තියෙනවා. එතකොට එවැනි දේශපාලන කුමන්ත්‍රණයක් නොවේ කියලා ඔප්පු කරන්නට මේ දක්වා අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් කරලා තියෙන විමර්ශන මොනදවා ද? එහෙම විමර්ශන කළා නම් ඒවායේ වාර්තාවන් කෝ. පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයාගැනීමට අන්තර් ජාතික රහස් ඔත්තු සේවාවල සහාය පැතුවා නම් මේ පිළිබඳව මුලින්ම අනතුරු ඇඟවීම කළ සහ නිෂ්චිත තොරතුරු නිලන්ත ජයවර්ධන මත්තයා අතට පත්කරපු ඉන්දීය රහස් ඔත්තු සේවයේ සහාය අරගෙන පාස්කු ප්‍රහරයේ සුලමුල සොයා ගැනීමට කටයුතු කරන්නේ නැත්තේ ඇයි?

පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට චෝදනාවක්, නඩු ගොනුකිරීම බොහෝම කැපවීමෙන් පරිශ්‍රමයෙන් කාලය වැයකරලා සිදුකළා යැයි කියලා ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියනවා. එහෙම කළානම් පාස්කු ප්‍රහාරය ගැන දැන දැනත් ඒක වළක්වා ගන්නට කටයුතු නොකර සිය රාජකාරිය බරපතළ ලෙස පැහැර හැරි බවට කොමිසම නම්කරලා තියෙන අයව කොහොමද අධිකරණයෙන් නිදොස්කොට නිදහස් වෙන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04