ආරක්ෂක තත්ත්ව සමාලෝචනය පිළිබඳ ජනපතිගේ යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලයට

රටේ ආරක්ෂාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ පළමු පියවර වන “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030” යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කෙරෙන මූලධර්මවලට අනුකූලව අනාගත උපායමාර්ගික අභියෝගවලට මුහුණ දීම සඳහා වන විකල්ප ප්‍රතිපත්ති අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය – 2030” අවශ්‍ය වනවා.

මෙම සමාලෝචනය මගින් 2030 දක්වා ගත යුතු පියවර මෙන්ම 2030 සහ ඉන් ඔබ්බට ගත යුතු පියවර යන කරුණු ද්විත්වය ආවරණය කෙරෙනු ඇති.

ඒ අනුව,

ශ්‍රී ලංකාව සඳහා 2030 දී උපායමාර්ගික දැක්ම සහ අභියෝග.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවශ්‍යතාව.
2030 සඳහා ආරක්ෂක ප්‍රතිපත්තිමය අරමුණු.
උපායමාර්ගික අභියෝගයට මුහුණ දීම සඳහා බල ඉරියව්ව සහ බල ව්‍යුහය.
පවතින මූල්‍ය තත්ත්වය අනුව කඩිනම් අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවය ලබාදීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සලකා බැලීමට නියමිතයි.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තියේ මූලධර්ම වූයේ ශ්‍රී ලංකාවේ නිදහස හා ස්වෛරීභාවය ආරක්ෂා කිරීම, ඕනෑම හමුදා කණ්ඩායමක් සමඟ එකතුවීමෙන් වැළකීම, ඉන්දියන් සාගරයේ යුධමය ගැටුම් හෝ තරග වැළැක්වීම, ශ්‍රී ලංකාවට අහිතකර රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ට එරෙහිව සටන් කිරීම සහ ගෝලීය සාමය සහතික කිරීම යන්නයි.

පසුගිය දශකයේ අවසානය දක්වා ශ්‍රී ලංකාවේ උපායමාර්ගික අවධානය යොමු වූයේ එල්ටීටීඊයට සහ අනෙකුත් අභ්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම මගින් රටේ අභ්‍යන්තර ආරක්ෂාව තහවුරු කර ගැනීම කෙරෙහි යි.

නමුත් අද වන විට, ශ්‍රී ලංකාව සහ ඉන්දියන් සාගර කලාපය සඳහා වන උපායමාර්ගික පරිසරය වඩාත් සංකීර්ණ සහ අභියෝගාත්මක වෙමින් පවතින අතර අන්තර් සම්බන්ධිත භූ දේශපාලනික අභියෝග සමඟින්: එක්සත් ජනපදය සහ චීනය අතර විශාල බල එදිරිවාදිකම් මෙන්ම චතුරස්‍රාකාර ආරක්ෂක සංවාද (Quadrilateral Security Dialogue – Quad) හා ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අතර ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම (AUKUS) මතුවීම, රුසියාව සහ බටහිර අතර යුක්රේන යුද්ධය සහ දේශගුණික විපර්යාස යන කරුණු ද බලපා තිබෙනවා.

මෙම තත්ත්වයන් තුළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තිය මගින් අභ්‍යන්තර ස්ථාවරත්වය පවත්වා ගැනීමට අමතරව වත්මන් කලාපීය පරිසරය කෙරෙහි ද අවධානය යොමු කිරීම අවශ්‍ය වනවා.

ඒ අනුව සිදු කෙරෙන මෙම ආරක්ෂක සමාලෝචනය සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් චන්න ගුණතිලකගේ සභාපතිත්වයෙන් යුතුව පත් කර තිබෙන කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික රියර් අද්මිරාල් ජේ. ජේ. රණසිංහ, විශ්‍රාමික මේජර් ජෙනරාල් පී.ආර් වනිගසූරිය, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය, (ශ්‍රී ලංකා විදේශ සේවයේ ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවිය, ඩැනියෙල් ඇල්ෆොන්සස් මහතා (උපදේශක, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය) යන මහත්ම මහත්මීන් කටයුතු කරනවා.

සක්‍රීය සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විදේශ සේවයේ නිලධාරීන්, භාණ්ඩාගාරයේ නිලධාරීන් සහ අදාළ විශේෂඥ දැනුම ඇති අයගෙන් සහ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ලේකම්වරයෙකු සහ කාර්ය මණ්ඩලයක් මෙම කණ්ඩායම සඳහා අවශ්‍ය සහාය ලබාදෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42