ආයෝජන පහසු කරන්න රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන යෝජනාවලියක් ඉල්ලයි

මෙරට ව්‍යාපාර සහ ආයෝජන ආරම්භ කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි කිරීමට අදාළව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට දැනුම් දී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ මෙම කාරක සභාවට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය, ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා සංගමය, ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමය ඇතුළු සංගම් නියෝජනය කරන නිලධාරීහු පිරිසක් කැදවා තිබුණා.

මේ අනුව මෙරට නව ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා ආරම්භ කිරීමේදී රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ කාර්යක්ෂමතාව වැඩිකිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

වර්තමානයේ පවතින පරිපාලන ව්‍යුහය තුළ ආයෝජන හෝ ව්‍යාපාර ඇරඹීම සදහා සිදු කළ යුතු ක්‍රියාවලිය කාර්යක්ෂම නොවන බැවින් බොහෝ ආයෝජන හා ව්‍යාපාර අවස්ථා රටට අහිමි වන බවයි කාරක සභාව පෙන්වා දී ඇත්තේ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු පරිපාලන ව්‍යුහයන්හි කළමනාකරණ ප්‍රතිපත්තීන් වර්තමානයට ගැළපෙන පරිදි සකස්විය යුතු බව කාරක සභාව විසින් අවධාරණය කරනු ලැබුවා.

මේ අනුව රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී මේ සම්බන්ධයෙන් ස්ථිරසාර නව ප්‍රතිපත්ති සැකසීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණා.

මේවන විට මෙරට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332ක් පවතින අතර ඒවායේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිකම බලවත් අඩුපාඩුවක් බව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ආයෝජකයන්ගේ පහසුව සදහා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකටම ආයෝජකයන් සම්බන්ධීකරණය කරමින් කඩිනම් සේවයක් ලබා දීම සදහා වෙනම කාර්යාලයක් ස්ථාපිත කිරීමට යි මෙහිදී යෝජනා වී ඇත්තේ.

එසේම එම නිලධාරීන්ට නිසි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.

රාජ්‍ය පරිපාලන ව්‍යුහයන්හි ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් පරිපාලන සංගමය, ඉදිරියේදී පරිපාලන ප්‍රතිසංස්කරණ සදහා වෙනම අමාත්‍යාංශයක් පිහිටුවීමට පියවර ගන්නා ලෙසද යෝජනා කර තිබෙනවා.

එසේම සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් කැඳවා ඔවුන්ට මේ සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවත්වීමටද මෙහිදී යෝජනා වුණා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ආයෝජන සදහා අවශ්‍ය ඉඩම් ලබා ගැනීමේ අපහසුව පිළිබදවද මෙහිදී සාකච්ඡා වූ අතර
විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල විශාල වශයෙන් ඉඩම් අක්‍රමිකතාවයන් සිදුවන බවත් ඒ සදහා කඩිනමින් මැදිහත්වීමේ අවශ්‍යතාවත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එසේම ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු ආයෝජන පිළිබඳව ද ආයෝජන ක්ෂේත්‍ර කෙරෙහි මෙරට පවතින විභවයන් මොනවාද යන්න හදුනා ගැනීමටත් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා සංගමය විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?