ආබාධිත පුද්ගලයින්ගේ ආබාධ වර්ග හඳුනාගන්න ජන සංගණනයේ දී වෙනම දත්ත පත්‍රිකාවක්

ආබාධ සහිත තැනැත්තන් සම්බන්ධයෙන්වන ගැටලු, එම ගැටලු විසඳීම සඳහා අදහස් හා යෝජනා සළකා බැලීම, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ දී සිදු වුණා.

ඒ, එම සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ සභාපතිත්වයෙන් පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙම අවස්ථාව සඳහා කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, අබාධ සහිත පුද්ගලයින් සඳහා වූ ජාතික සභාව, අබාධ සහිත පුද්ගලයින් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය හා සමාජ සේවා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් සහභාගීව සිටියා.

මෙහිදී ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ පනතේ සංශෝදන සිදුකිරීමේ ප්‍රගතිය පිළිබඳව සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසීමක් කළා.

ඒ, අනුව එම පනත සංශෝදනයට අදාළ වූ ක්‍රියාවලිය අවසන් අදියරේ පවතින බව නිලධාරීන් පැවසුවා.

එම පනතට අදාළ සංශෝදන කටයුතු හැකි ඉකමනින් අවසන් කිරීම සඳහා සංසදය විසින් අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ,අධ්‍යාපන, සෞඛ්‍ය හා ප්‍රවාහන යන අමාත්‍යාංශවල අමාත්‍යවරුන් සමඟ විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට කටයුතු යොදන බව සභාපතිවරයා සඳහන් කළා.

මෙරට සිටින අබාධ සහිත පුද්ගලයින් සංඛ්‍යාව, වර්ගීකරණය අනුව කොපමණ ද යන්න නිවැරදි දත්ත ලබාගැනීම සම්බන්ධයෙන් ද සංසදය තුළ සාකච්ඡා වුණා.

2012 වසරේ සංඝනනයෙන් පසුව කිසිඳු නිශ්චිත තොරතුරු හෝ දත්තයන් නොමැති බැවින් අබාධ සහිත ප්‍රජාව සම්බන්ධයෙන් සියලු තොරතුරු එක් තැනකින් ලබාගත හැකි මධ්‍යම දත්ත පද්ධතියක අවශ්‍යතාවය ද මෙහිදී සභාපතිවරයා විසින් අවධාරණය කළා.

එහිදී ජන සංඝනනය සිදුකරන අවස්ථාවේදීම වෙනම දත්ත පත්‍රිකාවන් සකසා අබාධ සහිත පුද්ගලයින් සංඛ්‍යාව මෙන්ම එම පුද්ගලයින්ගේ අබාධවල වර්ග හඳුනාගැනීමට කටයුතු කරන ලෙස සංසදය විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන ප්‍රයෝගික ගැටලුවන ප්‍රවාහනයේ දී මුහුණදෙන ගැටලු මෙන්ම අධ්‍යාපනය ලැබීමේ දී මතුවන ගැටලු පිළිබඳව ද සංසදය තුළ දීර්ඝව කරුණු සාකච්ඡා වුණා.

අබාධ සහිත පිරිස් බහුතරය විධිමත් අධ්‍යාපනයක් ලබාගැනීමට පවතින අවස්ථා ඉතාමත් අල්ප වීම හේතුවෙන් අධ්‍යාපනයෙන් ඉවත්වන බව සභාපතිවරයා පෙන්වා දුන්නා.

මෙහිදී නිලධරීහු විසින් අබාධිත පුද්ගලයින් සඳහා අවශ්‍ය උපකරණවල මිල ගණන් ඉහළ යාම ඔස්සේ එම ප්‍රජාව මුහුණ දෙන අපහසුතා පිළිබඳවද සංසදයේ අවධානය යොමු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41