spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආනයන අත්හිටුවීමෙන් ඩොලර් මිලියන 2500ක ඉතිරියක්

ආනයන අත්හිටුවූ දිනයේ සිට මේ දක්වා කාලය තුල ඩොලර් මිලියන 2500ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්ධන ඖෂධ පොහොර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගයකින් තොරව ආනයනය කිරීම සිදුවන්නේ මෙම පියවර හේතුවෙන් බවයි.

රේගු මූලස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

2022 වසර තරම් ආර්ථික වශයෙන් අසීරු වසරක් මෙරට යළිත් ඇති නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන අතර ආර්ථික අර්බුද දේශපාලන අර්බුද මැද ගෙවී ගිය 2022 වසරේ ඇතිවූ පීඩාවන් අමතක වූ ආකාරයෙන් ඇතමුන් කටයුතු කරමින් සිටින බවයි ඔහු පෙන්වා දුන්නේ.

Ranjith Siyambalapitiya New scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?