ආදරේදි බොළඳ වෙලා මම පිස්සෙක් වගේ ආදරේ කරන්නෙ

පසුගිය කාලයේදී පුංචි තිරයේ වැඩිය පෙනෙන්නට හිටියෙ නැති ‘දිනිති වල්ගමගේ’ මේ දිනවල ආයෙත් ආලින්දයට ඇවිත්. ඒ විකාශය කෙරෙන කොළඹ ඉතාලියේ චරිතයක් සමගයි. ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ කොළඹ ඉතාලියේ ඇය රගපාන්නෙ ‘හංසි’ යන චරිතයයි. ඊට අමතරව සංජය නිර්මාල්ගේ BTS (Behind the stage) නාට්‍යයේ රූගතකිරීම්වලට දායක වන දිනිති නාලක විතානගේ අධ්‍යක්‍ෂණය කරන ‘ෂැඩෝ’ නාට්‍යයේ චරිතයක් ද රඟපාන අතරේ කාලයකට පසුව සැඳැල්ල කතා බහකට එක්වුණේ මේ විදියටයි.

දිනිති කොහොමද මේ දිනවල ගෙවන ජීවිතය?

හරිම කාර්ය බහුලයි.
ඔච්චරටම කාර්ය බහුල වුණේ?

කොළඹ ඉතාලියේ, ෂැඩෝ, සහ BTS ඩ්‍රාමාවල රඟපෑමට අමතරව ‘BTS’ නාට්‍යයේ පිටපත ලියන්නෙත් මමයි. ඒ වෙනුවෙන් මගේ යාළුවකු වන දුෂි අමරසිංහ සම්බන්ධ වෙනවා. ඉතින් මේ වැඩ නිසා කාර්ය බහුලයි.

මේ දිනවල සුපුරුදු විදිහට ගුවන් සේවයේ වෘත්තීය කටයුතු කොහොමද?

මේවැඩ එක්ක මේ දිනවල නම් වෘත්තීය ජීවිතේදී නෝ- පේ යන්නෙ කිව්වොත් හරි. මොකද මම මේ වැඩ නිසා එච්චරටම නිවාඩු අරගෙන. කොහොමටත් පසුගිය කාලයේදි කෝවිඩ් තත්ත්වය නිසා එතරම්ම ගුවන් ගමන් තිබුණෙත් නැහැ.

රඟපෑමට අමතරව දිනිති අද වැඩිපුරම කැමති මොනවටද?

ලියන්න ඒකට මම හරිම ආසයි. කොහොමටත් ඒ ආසාව ආසාව ඇතිවුණේ අද ඊයෙක නෙවෙයි. පොඩි කාලයේ ඉඳලම මට ලියන්න ආසා කළා.

මතුපිටින් දකින පෙනෙන දිනිතිට වඩා ඇතුළාන්තයෙන් තරමක් ටෆ් (Tough) චරිතයක් වගෙයි.?

ඔව්. මට ටිකක් Tough (ටෆ්) චරිතයක්.

ප්‍රේමයක ඇලී ගැලී වෙලි නොසිට කාලය ගෙවීම අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද?

කිසිම අපරාදයක් නැහැ. මොකද මට කරන්න වැඩ ගොඩාක් තියෙනවා. උපරිම බිසි වෙලා ඉන්නෙ. ඒ කරන වැඩවලට උපරිම සාධාරණය කැපවීම කරන්නට ඕනෑ. මොකද ‘ආදරය’ කරන්න පටන් ගත්තොත් ඒකට කාලය වෙන්කරන්න බැරි නම් ඒක ආදරයක් නෙවෙයි. අනෙක ආදරේ කරන්න ගත්තොත් මම හරි බොළඳ වෙනවා.

ඒ කියන්නේ පිස්සෙක් වගේ ආදරේ කරන්නෙ?

ඔව් හරි ආදරේට මම හරි ආදරෙයි. ඒ තරමටම ආදරේදි මම අවංකයි. මගේ ලෝකයේ තියෙන්නේ හරිම ෆැන්ටසි ලව් එකක්. ඒ වගේ කෙනෙක් හමු වුණාම මගේ ලව් ස්ටොරි එක ගලා යාවි. 

උපුටාගැනීම – සදුන් ගමගේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ ප්‍රථම වතාවට නැන්දම්මටයි මාමන්ඩිටයි ලැබුණ රැග් එක - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02