ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හදිසියේ රැස්වී අගමැති ගැන ගත් තීරණය

ආණ්ඩුවේ ඉදිරි කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (21දා) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඒ සඳහා යෝජනාවක් සම්මත වී තිබේ .

අර්බුදයට විසඳුම් ආණ්ඩුවේ සියලු දෙනා එක්ව සෙවිය යුතු බවද මන්ත්‍රී වරුන් මෙහි දී පවසා ඇත.