ආණ්ඩුව විවාදයකට බෑ කියයි – පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

පාර්ලිමේන්තුවේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, විපක්ෂ විසින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටි හදිසි විවාදයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

අධිකරණය ක්ෂේත්‍රයේ පැන නැඟී ඇති ව්‍යූහාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පිරිසක් විවාදයල සඳහා යෝජනාවක් අද (23) කතානායකවරයා වෙත භාර දෙනු ලැබුවා.

එම යෝජනාව භාරදීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසුවේ මෙම විවාදය සඳහා අද (23) දිනයේ පැය දෙකක් කාලයක් වෙන්කරන ලෙසයි.

කෙසේ වෙතත් ඊට විරෝධය පළකරමින් සහානායක බිමල් රත්නායක අදහස් දක්වා සිටියේ, මෙම විවාදය වෙනුවෙන් කාලය ලබාදීමට නොහැකි බවයි.

සභානායකවරයාගේ එම ප්‍රකාශයෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළකිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් මේ වනවිට පාර්ලිමේන්තුවේ හටගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted