ආණ්ඩුවේ ලොකු තනතුරු 6කට අලුත් මුහුණු

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට සහ තානාපතිවරුන් දෙදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ (22) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී මෙම අනුමැතිය හිමි වුණා.

එහිදී රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ.රත්නසිරි මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජේ. එම්. උදිත් කේ. ජයසිංහ මහතා, සහ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතාට එලෙස අනුමැතිය ලබාදී තිබෙනවා.

ඊට අමතරව ඉතාලි ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජගත් වැල්ලවත්ත මහතා පත්කිරීමට විදේශ අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

වැල්ලවත්ත මහතා මීට පෙර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා නාමයෝජනා අනුමත වී තිබුණා.

ඒ අතරම දැනට නයිජීරියානු ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය හොබවන ජේ.එම්.ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා මියන්මාර් මහජන සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කර යැවීමටද අනුමැතිය හිමිවූ බව දසනායක මහතා පැවසුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?