spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය 09 සහ 10 දෙදින තුළ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබන 08 වනදා ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 09 වනදා සහ 10 වනදා පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ලබන 09 වනදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර, සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග සහ විවිධ රජයේ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව පසුගිය සභාවාරයේ දී පාර්ලිමේන්තුවට යථා පරිදි ඉදිරිපත්කර තිබූ යෝජනා 51ක් අනුමතිය සදහා මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පස්වරු 5.00 දක්වා පැවැත් වීමටයි තීරණය කර ඇත්තේ.

පෙබරවාරි 10 වනදා පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය දෙවන දිනටත් පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?