2025 වසරේ පළමු මාස 04 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය අද (06) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා.
2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා වූ අතුරු සම්මත ගිණුම පසුගිය 03 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඊයේ (05) සහ අද (06) ඒ සඳහා වූ විවාදය පාර්ලිමේන්තුවේ දී පැවැත් වුණා.
ඒ, අනුව අද (06) පැවති විවාදයෙන් අනතුරුව,අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1