ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පළමු වරට රැස්වෙයි – කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කරන්න අයදුම්පත් කැඳවීමට පියවර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මෙන්ම මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයින් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න සහභාගී වූ බවයි පාර්ලිමේන්තුවේ මාධ්‍ය ඒකකය කියාසිටියේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා නොවැලැක්විය හැකි හේතුවක් මත අද දින රැස්වීමට සහභාගී නොවන බව දන්වා තිබුණා.

එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානී රෝහණදීර යන මහත්ම මහත්මීහුද මීට එක්ව සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු නෛතික ප්‍රතිපාදන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ලැබී ඇති බලතල මෙන්ම සභාවේ ඉදිරි කටයුතු පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ වගන්තියේ උපලේඛනගතව දක්වා ඇති පරිදි කොමිෂන් සභා ස්ථාපිත කිරීම පිළිබඳව සාකච්ඡා කළ අතර එම කොමිෂන් සභාවල සාමාජිකයන් ලෙස පත්කිරීම සදහා ඊට උනන්දුවක් දක්වන සහ සුදුසුකම්ලත් පුද්ගලයින්ගෙන් පුවත්පත් දැන්වීම් හරහා අයදුම්පත් කැඳවීමට එකඟ වී තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන කොමිෂන් සභා සදහා සාමාජිකයන් ලෙස පත්කිරීමට අයදුම්පත් කැඳවමින් පුවත්පත් දැන්වීම් පළ කෙරෙනු ඇති.

එම අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා දැන්වීම පළ කළ දින සිට සති දෙකක (02) කාලයක් ලබා දෙනු ලබන අතර අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩි විස්තර පුවත්පත් දැන්වීම හරහා දැනුම් දීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රාජකාරි සහ කාර්යයන් ස්වාධීනව, වගවීමකින් සහ විනිවිදභාවයකින් යුතුව ඉටු කිරීමට ද මෙහිදී ඒකමතික එකඟත්වය පළ වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29