ආඩම්බරකාර තාත්තාගේ සටහන

පාඨලී චම්පික රණවක මහතා විසින් තම දෙටු දියණිය මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු උපාධිය දිනා ගැනීම පිළිබඳව සිය සතුට පළ කරමින් ලියන ලද සටහනක් පහතින් උපුටා දක්වමි.

හයිමන් ජෝර්ජ් රික්ඕවර් නම් එක්සත් ජනපද නාවුක අද්මිරාල්වරයා න්‍යෂ්ටික සබ්මැරීනයේ පියා ලෙස හැඳින්වේ. ඔහු කළ වැදගත් ප්‍රකාශයක් වූයේ 1965 උපන් X පරපුර සිය ජීවිත කාලය තුළම ඉන්ධනයක් ලෙස තෙල් භාවිත කිරීමේ අවසානය දකිනු ඇති බවය. මා අයත් වන්නේ ඒ පරපුරටය.

මගේ දියණිවරු අයත් වන්නේ 1995 න් පසු ඇරඹෙන Z පරපුරටය.

මගේ වැඩිමහල් දියණිය අමා මන්දස්මිතා අද දින (22.12.2021) මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු උපාධිය ලබාගත්තාය. ඇයට පළමු පෙළ සාමාර්ථයක් ලබා ගැනීමට ද දෙපාර්තමේන්තුවේ පළමුවෙනියා වීමට ද හැකි විය. ඇගේ ඒ ජයග්‍රහණයන් පිළිබඳව සඟවා ගත නොහැකි ආඩම්බරයක් මට තිබේ.

ඇයට හා ඇගේ වසර කණ්ඩායමේ ඇගේ සහෝදර සියලු උපාධිධාරීන්ට මාගේ සුබ පැතුම්!

අමා මන්දස්මිතා මේ ගමන ආවේ විවිධ දුක් ගැහැට මැද ය. මා ඇයගේ පියා වීම නිසා ඇයට ගැරහුම්, අපහාස, අවමාන ලැබිණි. ඒවාට ඇය මට සමාව දෙනු ඇතැයි සිතමි. එසේම ඒ සියලු හැලහැප්පීම් මැද ඇගේ මව ඇයට විශාල ශක්තියක් වූ බවද කිව යුතුමය.

ඇය පාසල් ගියේත් විශ්වවිද්‍යාලයට ගියේත් පොදු ප්‍රවාහණයෙනි. මා මෙන්ම ඇය ද විශ්ව විද්‍යාලයට ගියේ කොට්ටාව – ගල්කිස්ස 255 බස් රථයෙනි. මට ඉගැන්වූ ගුරුවරු ඇයගේ ද ගුරුවරු වූහ. මගේ සමහර සමකාලීනයෝ ද ඇයගේ ගුරුවරු වූහ.

ඒ සියළුදෙනාට ඇයගේ ජයග්‍රහණය ඉදිරියේ ස්තූතිවන්ත වෙමි.

එමෙන්ම ඇය උගත් විශාඛා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය ඇතුළු ගුරු භවතුනට ද මගේ ස්තූතිය පිරිනමමි. ඔවුනගේ ශක්තිය හා රැකවරණය නොවන්නට ඇය විශාඛාවේ හොඳම ශිෂ්‍යාව වීමට ඉඩ නොතිබිණි.

ඉංජිනේරු විද්‍යාවට අමතරව ඇය කළමනාකරණය හා විවිධ භාෂා ප්‍රවීණත්වය ද ලබා ගත්තාය. නීති විද්‍යාල ප්‍රවේශයෙන් ද ලංකාවේ පළමුවැනියා විය.

1943 දී කන්නංගර මහතා ප්‍රමුඛ ප්‍රගතිශීලීන් නිදහස් අධ්‍යාපනය මේ රට තුළ ස්ථාපිත නොකරන්නට මාගේ දියණිය වැන්නවුන් බිහිවන්නේ නැත.

ඇයට මා ඇමතුවේ ‘ලොකු පුතා’ කියාය. පිටස්තරයින් ඉදිරියේ දී ‘අපේ ලොකු මිනිහා’ විය. ඒ ඇමතුම ඇතැමුන් පුදුමයට පත් කළ ද ඇයට ඒ යෙදුම් ගැලපෙන්නේ තරුණියක් වුවද මවක් මෙන් සං‍යත හා පියෙක් සේ පරිණත නිසා ය.

දුවේ නුඹට රන්වන් අනාගතයක්!

මීට ,
ආදරණීය තාත්තා,
පාඨලී චම්පික රණවක.
2021-12-21

  1. තමුන්නාස්සෙ වගේම තමා අනික් දෙමව්පියෝ තමන්ගෙ දරුවන්ට ආදරෙයි,එහෙම එකේ අර කොටි පනින්න ගිහින් හප්පලා අසරණ උන කොල්ලට සලකපු විදියට හිතාගත්ත හැකි පිය සෙනෙහස තමුන්නැගෙ

    • නීති විරෝධී එන්ජින් ධාරිතාවයෙන් යුක්ත බයිසිකලේ පැද්ද එකා හෙන අහිංසක එකෙක් නෙහ්

  2. Well done dear. Some things never change with time. That is knowledge. The root cause of the present crisis is absence of the intelligent people in Sri lankan political arena. It is a very good habitat for uneducated characters. Now we are experiencing the consequences. You will be a strong, sparkling member of the development process of our country in future. Congratulations…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51