ආගමික නිදහස ආරක්ෂා කිරීමට හා අපහාස හොයන්න කමිටුවක්

ආගමික නිදහස අහිමි කිරීම හා ආගමික කරුණු විකෘති කිරීම පිළිබඳ සොයාබැලීමට කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව බෞද්ධ ,මුස්ලිම්, හින්දු, කතෝලික හා ක්‍රිස්තියානි ආගමික නායකයන් නීති ප්‍රවීණයන් මාධ්‍ය හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් නියෝජනය කරමින් අදාළ කමිටුව පත් කිරීමට අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

ආගමික නිදහස ආරක්ෂා කිරීම හා ආගමික ඉගැන්වීම් අපහාසයට ලක්කිරීම වැළැක්වීම සඳහා නෛතික විධිවිධාන හඳුන්වාදීමේ අවශ්‍යතාවය මත මේ කමිටුව පත් කිරීමටයි අනුමැතිය ලැබී ඇත්තේ.

2 9