අසීමිතව ඉන්ටර්නේට් යන්න තව දින කිහිපයයි

අසීමිත අන්තර්ජාල සැලසුම් සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

මෙම සැලසුම් යටතේ දිවා රාත්‍රී යනුවෙන් වෙනසක් නොමැතිව අසීමිත අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි බවත් මීට අදාළව සන්නිවේදන ආයතනවලින් ලබා ගත් යෝජනා සැලකිල්ලට භාජනය කර අවසන් බවත් එම කොමිෂන් සභා ප්‍රකාශකයෙක් පැවැසීය. මෙම සැලසුම් යටතේ දැනට පවතින ගාස්තුවල කිසිදු වෙනසක් නොවන බවත් සීමිත පැකේජයන් සඳහා දැනට පවතින ගාස්තුවලට සාපේක්ෂව අසීමිත පැකේජයන් සඳහා ද ගෙවිය යුතු වන බවත් හෙතෙම කීවේය.

අසීමිත අන්තර්ජාල පහසුකම් ලබා දෙන ලෙස පාරිභෝගිකයන්ගෙන් දීර්ඝ කාලයක් තිස්සේ ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙම පියවර ගැනෙන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

නිලන්ත මදුරාවල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?