අසැබි වීඩියෝ රූගතකර අන්තර්ජාලයට එක් කළ අඹුසැමි යුවළ අද අධිකරණයට

වැඩිහිටියන්ට පමණක් වූ අසභ්‍ය වෙඩ් අඩවියක‍ට, අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ සිද්ධියකට අත්අඩංගුවට ගැනුණු යුවළ අද (09) දිනයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් ඊයේ (08) මෙලෙස අත්අඩංගුවට ගැනුණු යුවළ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 හා 36 යන වයස්වල පසුවන විවාහක යුවළක්.

මොවුන්ගෙන් සැමියා පරිඝණක ඉංජිනේරුවරයෙක් වන අතර බිරිඳ මනෝ විද්‍යා උපදේශකවරියක් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලාංකීය යුවළක් පෙනී සිටින අසභ්‍ය වීඩියෝ දර්ශන එංගලන්තය කේන්ද්‍ර කරගත් වැඩිහිටියන්ට පමණක් වූ වෙබ් අඩවියක විකාශය වන බවට නුගේගොඩ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණියට ලද තොරතුරකට අනුව විමර්ශන අරඹා තිබෙනවා.

ඒ, අනුවයි සැකකාර යුවළ රාජගිරිය ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ පදිංචිව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම යුවළ අදාළ වැඩිහිටියන්ට පමණක් වූ වෙබ් අඩවියට වීඩියෝපට 334ක් උඩුගත කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
7
+1
2
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29
Video thumbnail
ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:29
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:52
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39