අසැබි දසුන් නැරඹූ 14 ක සිසුවා අවුරුදු 05ක දැරියක් දූෂණය කරපු හැටි මෙන්න

මාර්ගගත අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අන්තර්ජාලය සඳහා උපාංග දරුවාට ලබාදුන්නද දෙමාපිය වගකීම එතැනින් අවසන් නොවන බවත් මොනතරම් බාධක මැද වුවත් දරුවන් නොමගයෑමට ඇති සෑම ඉඩක්ම අසුරා දරුවන්ගේ සියලු කටයුත්තක් පිළිබඳවම සුපරික්‍ෂාකාරීවීම දෙමාපිය වගකීමක් මෙන්ම යුතුකමක්ද වන බවත් වයස අවුරුදු 14ක දරුවෙකු පරිවාස භාරයට යොමුකරමින් කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශසිකලා විජේතුංග මහත්මිය එම දරුවාගේ මවට දැඩිව අවධාරණය කළා.

වයස අවුරුදු 5යි මාස 10ක දැරියක් ස්ත්‍රී දූෂණයට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධ නඩු කටයුත්තක් අතරතුර සැකකාර වයස අවුරුදු 14ක දරුවාගේ මව කැඳවා එලෙසින් දෙමාපිය ක්‍රියාකලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කළා.

කඳානේ ගෙදර පොලිසිට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශන අනුව පොලිසිය බී වාර්තාවක් මගින් සැකකාර දරුවා ඉදිරිපත් කරමින් අධිකරණයට කියාසිටියේ ඉකුත් අගෝස්තු මාසයේ දිනක පවුල් ආරවුලක් හේතුවෙන් සැකකාර දරුවා හා ඔහුගේ 11 වියැති බාල සොයුරාත් වින්ධිත දැරිය පදිංචිව සිටින සැකකාර දරුවාගේ මිත්තණියගේ නිවසට ගොස් සිටියදී එම නිවසේ දිවිගෙවූ දැරියකට අදාළ ස්ත්‍රී දූෂණය අවස්ථා දෙකකදී සිදුව ඇති බව හා නිරන්තරයෙන් අපයෝජනයට ලක්ව තිබූ බවට සිදුකළ විමර්ශනයේදී හෙළිවූ බවයි.

මේ වනවිට අදාළ වින්ධිත දැරිය වෛද්‍ය පරීක්‍ෂණයන් සඳහා කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය අධිකරණයට කරුණු දැක්විය.

එමෙන්ම කොරෝනා ව්‍යසනයෙන් රට වසා දැමීමට පෙර පාසැල් පැවැත්වූ සමයේ සැකකාර දරුවාගේ පාසැලේ 11 වසර ඉගෙනුම ලබන වැඩිමහල් සිසුන් කිහිපදෙනෙකු ගූගල් හා යූටියුබ් සෙවුම් මාධ්‍ය ඔස්සේ අසැබි දර්ශන නැරඹිය හැකි බව ලබාදුන් උපදෙස් අනුව සැකකාර දරුවා සිය ටැබ් පරිඝනකය ඔස්සේ එම අසැබි දසුන් මාස තුනක පමණ කළක් නරඹා ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් සිය මවගේ සොහොයුරාගේ වයස 5ක දැරිය සමග සෙල්ලම් කරමින් එම අසභ්‍ය දසුන් වල ඇති දෑ අත්හදා බැලූ බව සැකකාර දරුවා පවසන බවත් පරිවාස නිළධාරිණිය පැවසුවේ.

එමෙන්ම සුදුසු භාරකාරීත්වයකට පැවරීම වෙනුවෙන් විමර්ශනය කරන තෙක් දරුවා පරිවාස ළමා නිවසේ රැඳවීමට නියෝග කරන මෙන් ඉල්ලා සිටියා. සැකකාර දරුවා වෙනුවෙන් පෙනිසිටි නීතිඥ මහතාද ඉල්ලා සිටියේ නිවසේ ඇතිව තිබූ ආරවුල් ආදිය හේතුවෙන් දෙපැත්තකින් දරුවා තැලෙමින් පවත්නා බැවින් එම බාලවයස්කාර සැකකරුට සුදුසු ඇපයක් දානය කරන ලෙසයි.

පාර්ශව කිහිපයේම කරුණු පිළිබඳ අවධානය යොමුකළ මහේස්ත්‍රාත්වරිය සැකකාර දරුවාගේ මව කැඳවා දරුවන් අන්තර්ජාලය සමගින් කරන ගනුදෙනු පිළිබඳව දෙමාපියන් ලෙස දක්වා තිබෙන නොසැලකිල්ල හේතුවෙන් තමන්ගේ දරුවාගේ අනාගතය තමන් විසින්ම විනාශ කරගෙන ඇති බව අවධාරණය කළා.

එමෙන්ම දරුවෙකු එම වයසේදී මෙවැනි තත්වයකට පත්වීමට දෙමාපියන් සෘජුව වගකිවයුතු බවත් දරුවන් යනු දෙමාපියන් විසින් මෙහෙයවියයුතු පිරිසක් බවත් පවසමින් පොලිසිය ඉල්ලාසිටි පරිදි 1995 අංක 14 ශ්‍රව්‍ය දෘශ්‍ය රෙකෝඩන ආඥා පනත අනුව වීඩියෝ සාක්‍ෂි ලබාගැනීමට ළමාරක්‍ෂක අධිකාරියට නියම කළාය.

එමෙන්ම සැකකාර දරුවාට රුපියල් ලක්‍ෂ 4ක ශරීර ඇපයක් නියම කරමින් එම ඇපය දරුවාගේ මව විසින් තැබිය යුතු බවට කොන්දේසි නිකුත් කර ඇත. දරුවා මානසික සෞඛ්‍ය සායනයකට යොමුකරන ලෙසද එහිදී පරිවාසයට නියෝගකර පූර්ණ පරිවාස වාර්තාවක් ඉදිරි දිනට ඉදිරිපත් කළයුතු බවට නියම කරමින් සැකකාර දරුවා පරිවාස බාරයේ රඳවා තැබීමටද නියම කළා.

දිනේෂ් උපේන්ද්‍ර – කුලියාපිටිය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07