“අස්වැසුම” ට ලියාපදිංචි වීමට නොහැකි වූවන්ට අගෝස්තු මාසයේ දී යළි අවස්ථාව

කිසිවෙකු අත් නොහැරෙන ලෙස “අස්වැසුම” ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ලියාපදිංචි වීමට නොහැකි වූවන්ට අගෝස්තු මාසයේ දී යළිත් අවස්ථාව හිමි වන අතර ලිඛිත අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ජූලි 10වනදා තෙක් අවස්ථාව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

“අස්වැසුම” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන සඳහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අයදුම්පත්‍ර මිලියන 3.7ක් ලැබී ඇති අතර, සිදු කළ සමීක්ෂණයෙන් පසුව අයදුම්පත් මිලියන 3.3ක් තෝරාගෙන තිබෙනවා.

මේ අතරින් අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූවන් ලෙස අභියාචනා සහ විරෝධතා දැක්වීම්වලට යටත්වයි මිලියන 02කගේ නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටු හරහා එම දත්ත නිරීක්ෂණය කර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනුමත කිරීමෙන් අනතුරුව සුදුස්සන් තෝරා ගැනීම සිදු කර තිබෙනවා.

අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ප්‍රතිලාභ ලැබිය යුතු නමුත්, මේ වන විට ප්‍රසිද්ධ කර ඇති ලේඛනයේ නම සඳහන් නොවූවන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ජූලි 10 වනදා දක්වා අවස්ථාව ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

එසේම සමාජ සුබසාධක ප්‍රතිලාභ නොලැබිය යුතු පාර්ශ්වයන්ගේ විස්තර මේ වන විට ප්‍රසිද්ධ කර ඇති නාම ලේඛනයේ සඳහන් නම්, ඒ සම්බන්ධව නිර්නාමිකව හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

එහිදී අභියාචනා ඉදිරිපත් කිරීම මෙන්ම විරෝධතා දැක්වීම ලිඛිතව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාරදීමට හැකියාව ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කර තිබෙනවා.

එසේම කිසිවෙකුට අසාධාරණයක් නොවන ලෙස සහ කිසිවෙකු අත් නොහැරෙන ලෙස මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත්තේ.

රජය විසින් නිකුත් කර ඇති නිර්නායක මත කටයුතු කරන ලෙස ද සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත උපදෙස් නිකුත් කර තිබෙනවා.

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන මහජන ආධාර වැඩසටහන් වන වැඩිහිටි දීමනා ලබන 456,806ක්, වකුගඩු රෝගී දීමනා ලබන 19,496ක්, ආබාධිත දීමනා ලබන 46,857ක් ලෙස 523,159ක් සඳහා දීමනා ගෙවීමට අදාළ නාම ලේඛනය එළැඹෙන සතිය තුළ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි.

අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට නොහැකි වූවන් සඳහා මෙන්ම මෙම වැඩසටහනට අලුතින් සම්බන්ධ වීමට අදහස් කරන අයට වාර්ෂිකව අවස්ථාව සලසා දෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24