අස්වැසුමට තවත් පවුල් ලක්ෂ 3ක් සුදුසුකම් ලබයි

තවත් පවුල් ලක්ෂ 03ක් අලුතෙන් අස්වැසුම හිමිකම් ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබෙනවා.

අස්වැසුම වැඩසටහනට අදාළ විරෝධතා හා අභියාචනා 640,000ක් සලකා බැලීමෙන් පසුවයි පවුල් ලක්ෂ 3ක් ඒ සදහා සුදුසුකම් ලබා ඇත්තේ.

වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ මීට පෙර සුදුසුකම් ලැබූ පවුල් 5209ක් නුසුදුස්සන් බවට පත්වී ඇති බවයි.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙනවා.