අසත්‍ය චෝදනා කළ බවට දන්වමින් මනූෂගෙන් ආනන්ද සාගර හිමිට එන්තරවාසියක් – වන්දිත් ඉල්ලයි

විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කර ඇති බවට චෝදනා කරමින් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

අද (04) උදෑසන මනුෂ නානායක්කාර මහතා සිය නීතිඥයින් මගින් ආනන්ද සාගර හිමියන් වෙත මෙම එන්තරවාසිය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍යවරයාගේ ඥාතියෙකුට අයත් විදේශ රැකියා ඒජන්සියකින් විදේශ රැකියා සඳහා පුද්ගලයින් යොමු කර ඇති බවටත්, ඒ මගින් කෝටි ගණනින් මුදල් උපයා ඇති බවට ආනන්ද සාගර හිමියන් කර ඇති ප්‍රකාශවල කිසිදු පදනමක් නොමැති බව ද මනුෂ නානායක්කාර මහතා සිය නීතිඥයින් මගින් යොමු කරන ලද එන්නතරවාසියේ දක්වා තිබෙනවා.

මනුෂ නානායක්කාර මහතාගේ නම අවස්ථා කිහිපයකදී ම සඳහන් කරමින් චේතනාන්විතව අපහාස කිරීමේ අරමුණින් ආනන්ද සාගර හිමියන් විසින් ප්‍රකාශ නිකුත් කර ඇති බව ද එම එන්තරවාසියේ සඳහන්.

ඒ අනුව, මෙසේ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාස කිරීමට කටයුතු කිරීමට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් දින 14ක් ඇතුළත ගෙවා අවසන් කරන ලෙසත්, එසේ නොවන්නේ නම් අධිකරණයේ නඩු පවරා වන්දි මුදල, ඊට අදාළ ආලාභ සහ නඩු ගාස්තු අය කරගැනීමට කටයතු කරන බවත් මනුෂ නානායක්කාර යොමු කළ එන්තරවාසියෙන් දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33