අවුරුදු සමයේ රජයේ අනුමත මිලට සහල්

එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලුම සුපිරි වෙළෙඳසැළ්, සතොස, සමුපකාර වෙළෙඳසැළ්වලට අප්‍රේල් 01 වනදා සිට රජයේ සහතික මිලට සහල් ලබාදිමට පියවරගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නාඩු රුපියල් 97ට, සුදු හා රතු කැකුළු රුපියල් 95 ට අලෙවි කිරිමට පියවර ගෙන තිබේ.

සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළෙඳසැළ්වල ප්‍රධාන විධායක නිලධාරීන් අද (25) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග පැවති හමුවකදී ඊට එකඟතාව පළකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?