අවුරුදු දෙකේ දැරිය රුපියල් 40,000කට විකුණලා – අවුරුදු 27 දෙදරු මව ඇතුළු තුනක් අත්අඩංගුවට

වයස අවුරුදු 02ක දැරියක් මුදලට අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැරියගේ මව, දැරියව මිල දී ගත් කාන්තාව සහ තවත් පිරිමි පුද්ගලයෙක් කිලිනොච්චිය, ධර්මපුරම් පොලිසි විසින් පෙරේදා (25) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ මව සහ පිරිමි පුද්ගලයා විසින් රුපියල් 50,000ක මුදලකට දැරියව විකිණීමට කතා කරගෙන ඇති අතර, කෙසේ වෙතත් රුපියල් 40,000ක මුදලකට දැරියව විකුණා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය පිළිබඳව පොලිසිය ලැබුණු තොරතුරක් මත සැකකාරියන් දෙදෙනා සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙලෙස කටයුතු කර තිබෙනවා.

පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වල දී දැරිය රුපියල් 40,000ක මුදලකට අලෙවිකර ලබාගත් මුදල්වලින් දැරියගේ මව සහ පිරිමි පුද්ගලයා විසින් රුපියල් 15,000ක් වටිනා පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිල දී ගෙන ඇති අතර, තවත් රුපියල් 10,000ක පමණ මුදලක් වැයකර විවිධ භාණ්ඩ මිල දී ගත් බවයි පවසා ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර මව 27 හැවිරිදි වියේ පසුවන අතර ඇයට වයස අවුරුදු 04ක තවත් දැරියක් ද සිටිනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පුද්ගලයා දැරියගේ මවගේ අනියම් පුරුෂයා වන අතර ඔහු 31 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම අත්අඩංගුවට පත්වූවන් අතර සිටින දැරිය මිල දී ගත් කාන්තාව 36 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් දෙදෙනා සහ සැකකරු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත්තේ, ඔවුන්ව ඊයේ (26) කිලිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉල්ලා අස් වෙන්නේ නැත්තම් අස් කරන්න - කිසිවක් නොකර නිදා ගැනීම ගැන ඇමති වග කියන්න ඕනි
06:14
Video thumbnail
කවුරුත් නොදන්න හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ කතාව මෙන්න
03:14
Video thumbnail
මැදපෙරදිග යුද්දය නිසා ඉන්ධන මිල ඉහළ යයිද ? යුද්දයට කළින් තිබ්බ මිලට එන්නේ නෑ
03:50
Video thumbnail
අපිට සුළු පක්ෂවලට සලකන්න බෑ..සහයෝගය දුන්නට ආණ්ඩුවට ගන්නේ නෑ
03:01
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ සුලමුළ හොයන්න DIGත් එයි - මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:46
Video thumbnail
ආණ්ඩුවට ජනප්‍රසාදය වැඩිවෙනකොට විපක්ෂය දැන් දෙදරුම් කනවා - සජිත්ට යන එන මං නැතිවෙයිද ?
01:35
Video thumbnail
අම්මා තාත්තගේ අහුවුණත් වුණත්..ආයේ Chance එකක් නෑ - PHI නිලධාරින් සැර වෙයි
06:23
Video thumbnail
අපිට ලැජ්ජයි..ඔයාලා තමයි රටේ සා#පය - මෙහෙම ගියොත් රට බංකොළොත් වෙනවා
09:15
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු වෙන අයුරු - තවත් පොලිස් නිලධාරින් පැමිණෙයි
01:45
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ දේහය කොළඹ නැගෙනහිර මූලික රෝහලට - මෙන්න නිවසේ නවතම දර්ශන
01:46