spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු ගානක් යන්න තිබ්බ පාලමත් කඩලා ඒකේ තිබ්බ යකඩත් අරන් ගියා (විඩියෝ)

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලුත්ගම- මහගල්කඩවල ප්‍රධාන මාර්ගයේ අලුතින් පාලමක් ඉදි කිරීම සදහා 2021 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ කඩා ඉවත් කෙරුණු ඉපළෝගම පැරණි පාලම තිබූ ස්ථානයෙන් වැසි ජලය හා වැව් ජලය පිටාර ගැළීම හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්වී සිටින බව ප්‍රදේශවාසීහු පවසයි

පාසල් දරුවන් ඇතුළු ප්‍රදේශයේ අති විශාල පිරිසකගේ ගමනා ගමන කටයුතුවලට දැඩිලෙස බාධා එල්ල වී ඇති බවත් ඔවූහු කියා සිටියහ. අදාළ ස්ථානයේ එතෙක් පැවැති පාලම වෙනුවට රුපියල් මිලියන විස්සක මුදලකින් නව පාලමක් ඉදි කිරීමට එවකට විදේශ රැකියා ප්‍රවර්ධන හා බෝග විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් මීට අවුරුදකට පමණ පෙර දී මුල්ගලක් තබා ඇත.

එම අලුත් පාලම ඉදිකරන තෙක් කඩා ඉවත් කෙරුණු පැරණි පාලම වෙනුවට ගමනා ගමන කටයුතු සදහා ඊට යාබදව කොන්ක්‍රීට් බට යොදා විකල්ප මාර්ගයක් ඉදිකර තිබී ඇතත් මේ වනවිට එම ස්ථානයේ ඇතිවී තිබෙන ජල ගැලීම්වලට අදාළ ඉදිකිරීම (විකල්ප මාර්ග) ප්‍රමාණවත් නැති බවද එහිදී අනාවරණය විය.

වර්ෂාව ඇති කලට වැසි ජලය හේතුවෙන් මෙම ස්ථානයේ තවදුරටත් ජල ගැලීම් ඇතිවිය හැකි බවත්, එහි දී ගමනා ගමන කටයුතුවලට ඇතිවී තිබෙන බාධාව ඉවත් කිරීමට සුදුසු පියවරක් කඩිනමින් ගන්නා ලෙසට තමන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔවූහු වැඩිදුරටත් සදහන් කළහ.

අප මේ පිළිබඳව අදාළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙන්ම කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාද වන ඩී.එම්. ලක්ෂ්මන් දිසානායක මහතා ගෙන් විමසීමක් කළ අතර එහිදී ඒ මහතා කියා සිටියේ වර්ෂාව කාලවලදී ප්‍රදේශයේ වැව් විශාල ප්‍රමාණකින් පිටාර ගලන ජලය අදාළ පාලම හදන ස්ථානයෙන් පිටාර ගලා යන බවත්, මේ නිසා කොන්ක්‍රීට් බට යොදා ඉදි කෙරුණු තාවකාලික විකල්ප පාලමද එම් ස්ථානයට ප්‍රමාණවත් වී නැති බවත්ය.

වර්ෂාව නිසා අලුත් පාලමේ ඉදිකිරීම් ද ප්‍රමාද වී ඇති බවත් පැවසූ ඒ මහතා කෙසේ වෙතත් තමන් මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මර්ගයක් ගැනීම සඳහා අදාළ කොන්ත්‍රාත්කරු සමග සාකච්ඡා කරන බවත් පැවසීය.

https://youtu.be/uYz0PQcwPVw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?