අවුරුද්දට නුවර යන අය‍ට රුපියල් 1000ට විශේෂ බස් රථ සේවයක්

අවුරුදු සමයේ සිය ගම්බිම් කරා පිටත්ව යන ජනතාව වෙනුවෙන් කොළඹ සහ ඒ අවට ප්‍රධාන නගරවල සිට ක්‍රියාත්මක වන පරිදි පෙරේදා (08) දිනයේ දී ආරම්භ කළ විශේෂ ප්‍රවාහන සේවය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ශ ජනරාල්, නිලාන් මිරැන්ඩා පවසනවා.

ඒ අනුව බැස්ටියන් මාවත බස් පර්යන්තය, මාකුඹුර බස් පර්යන්තය මෙන්ම කඩුවෙල සහ කඩවත බස් පර්යන්තයන් වෙත මේ වන විට මගී ජනතාවගේ ගම්බිම් කරා පිටත්ව යාමට පැමිණෙමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර වැඩි මගීන් පිරිසක් නුවර ප්‍රදේශය දක්වා ගමන් ගැනීමට පැමිණෙන අයවළුන් බවයි අධ්‍යක්ශ ජනරාල්වරයා සඳහන් කළේ.

ඒ අනුව එම මගීන් වෙනුවෙන් අධිවේගී මාර්ගය හරහා කොළඹ සිට නුවර දක්වා විශේෂිත බස් රථ සංචිතයක් හඳුන්වා දී ඇති බවත්, රුපියල් 1000ක ගමන් ගාස්තුවක් ඒ සඳහා අයකර ගන්නා බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ශ ජනරාල්, නිලාන් මිරැන්ඩා පවසා සිටියා.

මෙම බස් රථ සේවා සහ කාලසටහන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකතන අංකය අමතන ලෙසයි ඔහු වැඩිදුරටත් දැනුම්දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ට නහුතෙටම තදවෙයි - උමාඔයේ හිලක්..හිලක්..හාරන්න
04:56
Video thumbnail
දායාසිරි නැගිටලා ආණ්ඩුවේ අයට හොඳම එකෙන් කියලා දෙයි..ඔය වගේ ඡන්දය දීලා කෙහෙළියත් ගෙදර ගියා
04:06
Video thumbnail
අස්වැසුම ගන්න රාජ්‍ය බැංකු අසල දිගු පෝලිම්..ක්ලාන්තවෙලා වයසක දෙන්නෙක් එක්කගෙන ගියා..
03:16
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - කක්කි සුදාට අයිතිද නැද්ද කියලා හොයාගන්න ඔයා
07:42
Video thumbnail
චානක තනියම නැගිටලා හතර වටේටම දෙසයි - මට පුස් චණ්ඩි පාට් දාන්න එපා..මම නඩු දානවා
12:56
Video thumbnail
සජිත් බලශක්ති ඇමතිට කට උත්තර නැතිවෙන්න අමතයි..PUCSL එක බොරු කියලද කියන්නේ ?
14:04
Video thumbnail
කොහොමත් මේ රට වැටෙනවා..රනිල්ට එන්ජින් එක Start කරන්න එච්චර වෙලා යන්නේ නෑ
06:58
Video thumbnail
බස් නැවතුම්පොළට කළවිනාශයට ප්‍රසන්නගෙන් දැඩි ප්‍රකාශයක්.."මේක සංවිධානාත්මක වැඩක්.."
03:17
Video thumbnail
මධ්‍ය බස් නැවතුම්පොළට කරලා තියෙන විනාශයක්"යන්න බෑ ඇතුළට..හැම තැනම ජරා කරලා"
03:20
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්..ලැජ්ජා නැද්ද..වහගෙන ඉන්නේ
04:34