Empty Ad
AFC Banner
Empty Ad

අවිවාහක තරුණියක් ගෙවත්තේ මල් පාත්තියේ වළ දැමු බිලිදා

අවිවාහක තෙමස් ගැබිණියක් විසින් තම නිවසේ මල් පාත්තියක් තුල වල දැමුවේ යැයි කියන කළලයක් නුවරඑලිය මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ජයරත්න මහත්මිය ඉදිරියේදි (01) දින නුවරඑලිය පොලිසියේ නිලධාරින් විසින් ගොඩගෙන තිබෙනවා.

නුවරඑළිය කැලේගාල පහල ගිබ්සන් ප්‍රදේශයේ ඇය පදිංචිව සිටි නිවසේ මල් පාත්තියක වලලා තිබියදි එම කළලය ගොඩ ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

26 හැවිරිදි එම අවිවාහක ගැබිණි තරුණිය ගබ්සාවෙන් පසුව ප්‍රතිකාර ලබා ගැනිමට නුවරඑලිය මහ රෝහල වෙත ඊයේ (31) ඇතුලත් වී ඇති අතර , රෝහලේදි වෛද්‍යවරුන් විසින් ඇය පරීක්ෂා කිරිමෙන් අනතුරුව ඇයට ගබ්සාවක් සිදු වි ඇති බවට වෛද්‍යවරුන් විසින් නුවරඑළිය පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය පොලිසියේ නිලධාරින් විසින් ඇය පදිංචි නිවස සහ නිවස අවට (01) දින පරික්ෂා කිරිමේදි එම තරුණිය විසින් වල දැමුවේ යැයි කියන කළලය වල දමා තිබු ස්ථානය හදුනාගෙන මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදි ගොඩගෙන තිබෙනවා.

ගොඩගත් කළලය පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නුවරඑලිය පොලිසිය නියෝග කකළ බවද අප වාර්තාකරු සඳහන් කළා.

එම තරුණියගේ පෙම්වතා අත්අඩංගුවට ගැනිමට නුවරඑළිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇති අතර , අදාල තරුණිය මේ වන විට නුවරඑළිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?