කහටගස්දිගිලිය රත්මල්ගහ වැව මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පස් මස් වියැති ගැබිනි කාන්තාවක් මිය ගොස් ඇතැයි කහටගස්දිගිලිය පොලීසිය පවසයි.
කහටගස්දිගිලිය කිරිඉබ්බෑව ප්‍රදේශයේ පදිංචි එමෙන් පාතීමා නැමැති විසි නව හැවිරිදි කහටගස්දිගිලිය මුස්ලිම් මහා විද්‍යාලය සේවයේ නියුතු ගුරුවරියක් මෙලෙස මියගොස් තිබේ.
අද(08) සවස දෙකයි තිහට පමණ කහටගස්දිගිලිය පොලිස්ථානයේ සිට රත්මල්ගහවැව මාර්ගයේ මීටර් එකසිය පනහක පමණ දුරකින් මෙම අනතුර සිදුව තිබේ.













