අවසන් මහා සටනේ අසුනක් ගාල්ලෙන් වෙන් කරගනියි – තීරණාත්මක තරගයක් හෙටත්

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම ඊයේ (18) සමත් වුණා.

ඊයේ පස්වරු 03 සහ රාත්‍රී 07 කණ්ඩායම් හතරක් අතර අවසන් මහා සටනට සුදුසුකම් ලැබීමේ තරග දෙකක් පැවැත්වුණු අතර; එම තරගයෙන් ජයග්‍රහණය ලද පළමු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවරෝහණ පටිපාටියට අවසන් මහා සටනට සුදුසුකම් ලබනු ඇති.

ඊයේ පස්වරුවේ ගෝල් මාර්වල්ස් සහ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අතර පළමු අවසන් මහා සටනට සුදුසුකම් ලැබීමේ තරගය පැවැත්වුණා.

කාසියේ වාසිය දිනූ ගෝල් නායක නිරෝෂන් දික්වැල්ල තීරණය කළේ පළමු ව පන්දු රැකීමටයි.

ඒ අනුව ප්‍රතිවාදී ජැෆ්නාවරුන්ගෙන් පන්දුවාර 20 අවසානයේ දී ලකුණු 177ක ඉලක්කයක් ගාලු කණ්ඩායමට හිමිවුණා.

කෙසේවෙතත් ගෝල් මාර්වල්ස් කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී සිටියදී ලකුණු 181ක් ලබා තරගය ජයග්‍රහණය කරමින් අවසන් මහා සටනට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වුණා.

ඉන් අනතුරුව රාත්‍රියේ පැවති කැන්ඩිවරුන් සහ කොළොම්බු ස්ට්‍රයිකර්ස් අතර තරගයෙන් කොළඹ පරදා නුවර ජය ගත්තා.

ඒ කඩුලු දෙකක විශිෂ්ට ජයක් වාර්තා කරමින්.

කෙසේවෙතත් තරග නීතිරීති අනුව සහ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රගතිය අනුව අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගැනීමට නම්; අර්ධ අවසන් පූර්ව තරගයේ දී පරාජයට පත් වූ කණ්ඩායම් දෙක අතර තවත් තරගයකට මුහුණදීමට සිදු වනු ඇති.

එම තරගය හෙට (20) රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ ජැෆ්නා කින්ග්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර යි.

මේ වනවිටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින ගෝල් මාර්වල්ස් කණ්ඩායම ඊයේ ලද ජයත් සමග සෘජු ව අවසන් මහා තරගයට පිවිසීම සඳහා සිය අසුන වෙන් කරගත්තා.

හෙට පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම එළඹෙන 21 වැනි දා අවසන් මහා සටනට ගාල්ලට එරෙහිව තරග වදිනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?