තරා සමඟ ඩිලා ලෙජන්ඩ්ස් ශූරතාව ආසියාවට රැගෙන එයි

2023 ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියන්නට ඒෂියා ලයන්ස් කණ්ඩායමට ඊයේ (20) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, දෝහා හි වෙස්ටන් පාර්ක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති අවසන් මහා තරගයේ දී වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 07කින් පරාජයට පත් කරමින්.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

එම තීරණයට ප්‍රබල පිළිතුරක් සපයන්නට තරගය ආරම්භයේදීම ඒෂියා ලයන්ස් පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

එහිදී වර්ල්ඩ් ජයන්ට්ස් පිළේ මුල්පෙළ පිතිකරුවන් දෙදෙනෙක්ම ලකුණු ලබාගන්නට පෙර ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට පාකිස්ථාන හිටපු තුන් ඉරියව් ක්‍රීඩක අබ්දුල් රසාක්ට හැකි වුණා.

කඩුලු දෙකක් දැවීයාමේ පීඩනයත් සමඟ පිටියට පිවිසි දකුණු අප්‍රිකානු හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ජැක් කලිස් ඉතා වටිනා ඉනිමක් ක්‍රීඩා කරමින් වර්ල්ඩ් ජයන්ට්ස් ඉනිම කෙමින් කෙමින් ඔසවා තැබුවා.

එහිදී පන්දු 54කට මුහුණ දෙමින් ජැක් කලිස් ලකුණු 78ක් රැස් කිරීමට සමත් වුණා.

අනෙක් අන්තයේ සිට ඔහුට සහායක් වූ නවසීලන්ත හිටපු පිතිකරු රොස් ටේලර් ලකුණු 32ක් රැස්කරමින් වර්ල්ඩ් ජයන්ට්ස් ඉනිම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 147ක් දක්වා රැගෙන යාමට කටයුතු කළා.

අනතුරුව ලකුණු 148ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට ඒෂියා ලයන්ස් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු යුගලයක් වන තිලකරත්න ඩිල්ශාන් සමඟ උපුල් තරංගයි.

එහිදී ඔවුන් දෙදෙනා එක්ව ආරම්භක කඩුල්ලට ලකුණු 115ක වටිනා සම්බන්ධතාවක් ගොඩ නැඟීමට සමත් වුණා.

වර්ල්ඩ් ජයන්ට්ස් පන්දු යවන්නන්ට අත දිගහැර පහර දුන් උපුල් තරංග සහ ඩිල්ශාන් පිළිවෙලින් ලකුණු 57ක් සහ 58ක් බැඟින් රැස් කළා.

මෙම තරගයේ දී අර්ධ ශතකයක් රැස්කළ තරංග මෙවර තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා බවට පත්වීම ද විශේෂත්වයන්.

තරංගගේ සහ ඩිල්ශාන්ගේ දැවීයාමෙන් පසු පිටියට පිවිසි මොහොමඩ් හෆිස් සහ මිස්බා උල් හක් ඒෂියා ලයන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට කටයුතු කළා.

ඒෂියා ලයන්ස් කණ්ඩායම ලකුණු 148ක අදාළ ඉලක්කය කඩුලු 03ක් පමණක් දැවී පන්දුවාර 16යි එක් පන්දුවක් තුළ පසුකර ගියා.

ඒ, අනුව ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමුවරට ශූරතාවය හිමිකම් කියන්නට ඒෂියා ලයන්ස් කණ්ඩායමට ඊයේ රාත්‍රියේ හැකියාව ලැබුණා.

අවසන් මහා තරගයේ වීරයා ලෙස අබ්දුල් රසාක් සම්මානයට පාත්‍ර වූ අතර තරගාවලියේ වීරයා ලෙස උපුල් තරංග සම්මාන දිනා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42