අවලෝකීතේෂ්වර බෝධිසත්ව රිමාන්ඩ් – අංගොඩ රෝහලට ඉදිරිපත් කරන ලෙසත් නියෝග

අවලෝකීතේෂ්වර බෝධිසත්වයින් වශයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

සැකකරු අංගොඩ මානසික රෝහල වෙත ඉදිරිපත් කර ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (15) දින අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කළා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොල්සිටර් ජනරාල් දිලීප පීරිස් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළා.