spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලුතින් බාර් අරිනවා නම් රුපියල් කෝටියක මූලික ගාස්තුවක්

මත්පැන් අලෙවිසැල් ආරම්භ කරන පුද්ගලයකුට රුපියල් කෝටියක මූලික ගාස්තුවක් අනිවාර්යයෙන්ම තැන්පත් කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

බී.04 වර්ගයේ මත්පැන් බලපත්‍රයට වැඩි ඉල්ලුමක් පවතින බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා එම බලපත්‍රය නිකුත් කිරීමේ දී මූලික ගාස්තුව වශයෙන් මෙලෙස රුපියල් කෝටියක් අයකර ගැනීමට නියමිත බවයි සඳහන් කළේ.

මේ අතර සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී අයතා ක්‍රම සිදුනොවන බව සඳහන් කළ අමාත්‍යවරයා සංචාරක කර්මාන්තය සමඟ බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසුවා.

“සුරා බලපත්‍ර මිත්‍රයින්ට, දේශපාලනයට දෙනවා කියන කාරණාව දශක ගණනාවක් තිස්සේ කතාවෙන දෙයක්. සුරා බලපත්‍රවල දී වැඩිපුරම ඉල්ලුමක් තියෙන්නේ බී.04 වයින් ස්ටෝර්ස් කියලා කියන්නේ ඒකට, දැන් අපි සූදානම් ඒ බලපත්‍රයක් අලුතින් නිකුත් කිරීමේ දී මූලික ගාස්තුවක් ගන්න රුපියල් කෝටියක. ඒක අපි ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ලෑස්තියි. මේ සියල්ලම කරන්නේ අපි සාමාන්‍ය ජනතාව කතා කරන බදු බර ක්‍රමයෙන් ලිහිල් කරන්න. ඒකේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. මේ වගේ දේවලින් රාජ්‍ය ආදායම වැඩිකරගෙන සෘජු බදුවලින් ගෙවන්න පුළුවන් අයගෙන් මේවා වැඩි කරගන්න අපි සූදානම් වෙන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
7
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?