අලුතින් බාර් අරිනවා නම් රුපියල් කෝටියක මූලික ගාස්තුවක්

මත්පැන් අලෙවිසැල් ආරම්භ කරන පුද්ගලයකුට රුපියල් කෝටියක මූලික ගාස්තුවක් අනිවාර්යයෙන්ම තැන්පත් කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

බී.04 වර්ගයේ මත්පැන් බලපත්‍රයට වැඩි ඉල්ලුමක් පවතින බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා එම බලපත්‍රය නිකුත් කිරීමේ දී මූලික ගාස්තුව වශයෙන් මෙලෙස රුපියල් කෝටියක් අයකර ගැනීමට නියමිත බවයි සඳහන් කළේ.

මේ අතර සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී අයතා ක්‍රම සිදුනොවන බව සඳහන් කළ අමාත්‍යවරයා සංචාරක කර්මාන්තය සමඟ බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසුවා.

“සුරා බලපත්‍ර මිත්‍රයින්ට, දේශපාලනයට දෙනවා කියන කාරණාව දශක ගණනාවක් තිස්සේ කතාවෙන දෙයක්. සුරා බලපත්‍රවල දී වැඩිපුරම ඉල්ලුමක් තියෙන්නේ බී.04 වයින් ස්ටෝර්ස් කියලා කියන්නේ ඒකට, දැන් අපි සූදානම් ඒ බලපත්‍රයක් අලුතින් නිකුත් කිරීමේ දී මූලික ගාස්තුවක් ගන්න රුපියල් කෝටියක. ඒක අපි ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ලෑස්තියි. මේ සියල්ලම කරන්නේ අපි සාමාන්‍ය ජනතාව කතා කරන බදු බර ක්‍රමයෙන් ලිහිල් කරන්න. ඒකේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. මේ වගේ දේවලින් රාජ්‍ය ආදායම වැඩිකරගෙන සෘජු බදුවලින් ගෙවන්න පුළුවන් අයගෙන් මේවා වැඩි කරගන්න අපි සූදානම් වෙන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42