අලුතින් පැමිණි තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ජනපති හමුවට

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත අක්තපත්‍ර භාර දී තිබෙනවා.

කැනඩා මහකොමසාරිස් ඉසබෙල් මාරි කැතරින් මාටින්, නෙදර්ලන්ත රාජධානියේ තානාපති වීබේ ජැකෝබ් ඩී බෝයර්, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ජෝන් ඩක්වර්ත්, ඇල්ජීරියානු මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ තානාපති ඇබ්ඩනෝර් හොලිෆි සහ අයිස්ලන්ත ජනරජයේ තානාපති බෙනඩික්ට් හස්කුල්ඩ්සන් මෙලෙස ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.

එහිදී ඔවුන් සියලුදෙනා වෙත උණුසුම් සුබපැතුම් එක් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත්කර ගැනීම සඳහා එක්ව කටයුතු කරන ලෙසද ආරාධනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?