අලුතින් පත්ව ආ රාජ්‍යතාන්ත්‍රිකයින් අටදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාරදෙයි (ඡායාරූප)

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව පැමිණි නව තානාපතිවරු 08 දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාරදුන්නා.

මෙක්සිකෝව, භූතානය, පැරගුවා, ලක්ෂම්බර්ග්, රුසියාව, ඕමානය සහ ප්‍රංශය සඳහා නව තානාපතිවරුන් ද ඝානා රාජ්‍ය සඳහා මහකොමසාරිස්වරයෙක් ද මෙලෙස පත්ව සිටිනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාවේ මෙක්සිකෝ නව තානාපති ලෙස ෆෙඩෙරිකෝ සලාස් ලොට්ෆේ, ශ්‍රී ලංකාවේ භූතාන නව තානාපතිවරයා ලෙස රින්චෙන් ක්වෙන්සිල්, ශ්‍රී ලංකාවේ පැරගුවා නව තානාපතිවරයා ලෙස ෆ්ලෙමින් රවුල් ඩෝටේ, ඝානා රාජ්‍යයේ නව මහකොමසාරිස් ලෙස ක්වාකු අසෝමා චෙරමේ, ලක්ෂම්බර්ග් රාජ්‍යයේ නව තානාපතිනිය ලෙස පෙගි ෆැන්සන් , රුසියා නව තානාපති ලෙස ලෙවාන් ධ්‍රගාරියන්, ඕමාන නව තානාපතිවරයා ලෙස අහමඩ් අලී සයිඩ් අල් රෂ්ඩි සහ ප්‍රංශ නව තානාපතිවරයා ලෙස ජෝන් ෆ්‍රැන්කෝ පැක්ටේ යන අය කටයුතු කරනු ඇති.