අලුත්වන ට්විටර් නිල ලාංඡනය ගැන එලොන් මස්ක්ගෙන් ඉඟියක්

ට්විටර් හි නිල ලාංඡනය වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගමේ හිමිකරු එලොන් මස්ක් පවසා තිබෙනවා.

ඉතා ඉක්මනින් එම නිල ලාංඡනය වෙනස්වනු ඇති බවයි එලොන් මස්ක් පවසන්නේ.

මෙම තීරණය සම්බන්ධයෙන් ඔහු සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් පවසා ඇත්තේ “ඉක්මනින් අපි ට්විටර් සන්නාමයට සහ ක්‍රමයෙන් සියලුම කුරුල්ලන්ට සමු දෙන්නෙමු” යනුවෙන්.

එලොන් මස්ක් විසින් මෙම තීරණය ක්‍රියාත්මක කළ හොත් ඔහු විසින් ට්විටර් සමාගම මිලදීගත් පසු එහි සිදුකරන විශාලතම ප්‍රතිසංස්කරණය මෙය වනු ඇති බවයි ඇතැමුන්ගේ මතය වී ඇත්තේ.

මේ අතර ට්විටර් හි නිල ලාංඡනය වන නිල් පැහැති කුරුල්ලා ඉවත්කර අලුතින් ගෙන ඒමට සැරසෙන ලාංඡනය පිළිබඳ ඉඟියක් එලොන් මස්ක් විසින් ලබා දී තිබෙනවා.

ඒ, ඔහු විසින් සිය නිල ට්විටර් ගිණුමට විශේෂිත වීඩියෝවක් එක්කරමින්.

ටෙස්ලා අධිපති මස්ක් පසුගිය වසරේ මෙම සමාජ මාධ්‍ය වේදිකාව මිලදී ගෙන එහි කාර්ය මණ්ඩලයෙන් වැඩි ප්‍රමාණයක් නෙරපා හැරීමෙන් පසු ට්විටර් නැවත නැවතත් තාක්ෂණික දෝෂවලට ලක් වන ආකාරය දැකගත හැකිව වුණා.

ඒ, හේතුවෙන් ආදායම ක්‍රමයෙන් පහත වැටීමත් සමඟ, මෙම සමාජ මාධ්‍ය සමාගම වේදිකාව පුනර්ජීවනය කිරීමට උත්සාහයන් කිහිපයක් ගනිමින් සිටින ආකාරය දැකගත හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16