අලුත්ගම නගරයේ සුඛෝපභෝගී දෙමහල් නිවාසයක පවත්වාගෙන ගිය සූදුපොළක් පොලිසිය විසින් වටලා තිබෙනවා.
මෙහිදී පිරිමි පුද්ගලයකු සහ කාන්තාවන් අටදෙනෙක් අලුත්ගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ලද තොරතුරක් මත ඊයේ (09) සවස සිදුකළ වැටලීමක දී අලුත්ගම නගරයේ සතිපොළ පිහිටි භූමිය ආසන්නයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම සූදු පොළ වටලා තිබෙනවා.
මෙම සූදු පොළ දිගු කාලයක සිට ඉතා රහසිගතව මෙම ස්ථානයේ පවත්වා ගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත්තේ.
අදාළ දෙමහල් නිවාසයේ පහත මහලේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන මුවාවෙන් ඉහළ මහලයේ මෙම සූදු පොළ පවත්වාගෙන ගොස් තිබෙනවා.
රූපලාවන්‍ය කටයුතුත්තක් සිදුකර ගැනීමට අවශ්‍ය බව පවසමින් අලුත්ගම පොලිසිය මඟින් උපාය දූතයෙක් යොදවා මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
මෙහිදී කාන්තාවන් අටදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් මුදල් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කොස්ගොඩ, බලපිටිය, අලුත්ගම, කළුතර, බේරුවල බෙන්තර, අහුන්ගල්ල යන ප්‍රදේශවලින් මෙම ස්ථානයට පැමිණි අය බවයි අනාවරණය කරගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරියන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.




