spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලි ඇතුන් ගම් වැදීම වැළැක්වීමට අගල් කපන්න බැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය

වනජීවී සංරක්ෂණ කලාපවල අලි ඇතුන් ගම් වැදීම වැළැක්වීම සඳහා අලි අගල් කැපීමට හිටපු වනජීවී අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් ගෙන තිබූ තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළා.

එස්. තුරෙයිරාජා, ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අලි අගල් කැපීමේ ව්‍යාපෘතිය පාරිසරික නීති රීතීන්ට පටහැනි ආකාරයෙන් සිදු වුණ බව පෙන්වා දුන්නා.

එය ක්‍රියාත්මක කිරීමට පෙර පාරිසරික ඇගයීම් වාර්තා කිසිවක් ලබාගෙන නොමැති බව ඔහු පැවසුවා.

අගල් කැපීම නිසා කුඩා සතුන්ට මෙන්ම ගස්කොළන්, ජල පෝෂක ප්‍රදේශ වලටද දැඩි හානි සිදු වන බවයි නීතිඥවරයා පෙන්වා දුන්නේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් එහි විභාගය සඳහා සැප්තැම්බර් මස 22 දා පැවැත්වීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?