‘අලිවත්තේ අසිතගේ’ ඝාතනයට යොදාගත් යතුරුපැදිය සමඟ තුනක් අත්අඩංගුවට (ඡායාරූප)

මට්ටක්කුලිය ප්‍රදේශයේ දී පසුගිය අගෝස්තු 08 වනදා ඝාතනයට ලක්වූ රණවක ආරච්චිගේ අසිත මදුරංග පෙරේරා නොහොත් ‘අලිවත්තේ අසිත’ නැමැත්තාගේ ඝාතනය සඳහා අපරාධකරුවන් පැමිණි යතුරුපැදිය සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත මට්ටක්කුලිය ප්‍රදේශයේ ඊයේ (21) සිදුකළ වටලිමක දී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාරම්කරුවන් වන දැනට ඩුබායිහි සැඟව සිටින කසුන් නැමති මත්ද්‍රව්‍ය ජාවරම්කරු සහ රූබන් නැමැත්තාගේ ගෝලයන් තිදෙනෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

කසුන් නැමැත්තා සහ රූබන් නැමති මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් විසින් දුරකථන මාර්ගයෙන් මෙම යතුරුපැදිය කොටස්කර විකිණීම සදහා ඔවුන්ට උපදෙස් ලබා දී ඇති බවටයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත සැකකරුවන් කොළඹ 14,ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31, 28 සහ 44 යන වයස්වල පසුවන්නන් බව සඳහන්.

මොවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථාන වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51