අල්කයිඩා නායකයා ඝාතනය කෙරේ

අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක ආයිමාන් අල්සවාහිරී ඇමෙරිකානු ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ඝාතනය වී ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයන්ඩ්න් ප්‍රකාශ කළේ, ඇමෙරිකානු හමුදා විසින් ඇෆ්ගනිස්ථානය තුළදී අල්කයිඩා නායකයා ඝාතනය කළ බවයි.

ඝාතනයට ලක්වන විට ඔහු 71 වන වියේ පසුවූ බවට තොරතුරු වාර්තා වන අතර, එම ත්‍රස්ත සංවිධානයේ මීට පෙර නායකයා ලෙස කටයුතු කළ ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු ආයිමාන් අල්සවාහිරී නායකත්වයට පත් වුණා.

ඒ, අනුව අල්කයිඩා සංවිධානය වෙනුවෙන් අන්තර්ජාතිකව පෙනී සිටි එකම නායකයා ලෙස සවාහිරී හැඳින්විය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?